පඤ්ඤාලංකාර හිමි

පැවදි දිවියේ උතුම් අරුත මනාව අවබෝධයෙන් යුතුව නිවන් මඟ විදසුන් වඩමින් සියලු සත උදෙසා තමන්වහන්සේට හැකි පමණින් උපකාරයක් වීම පිණිස අප්‍රමාණ මෙත්සිතකින් යුතුව සිදුකරන කටයුතු මෙතකැයි කිව නොහැකියි. පූජනීය වන්දනීය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන් විසින් සිදුකරන කටයුතු අතර ප්‍රධාන වශයෙන්ම අපටද අත හිත දීගත හැකි උතුම් කටයුතු කිහිපයක් මෙසේ ගොනු කරන්නේ පින් කැමති සත වෙත නිවන් මඟ කළ එළි කරගැනීම පිණිස රුකුලක් වීමටයි...