සිතුල්පව්වට ශ්‍රමදාන

“ධර්මයට අනුව ඔබේ හදවත සකසාගෙන ඒ අනුව කටයුතු කරන්නේ නම් ඔබට ඔබ සොයන ආශ්චර්යයන් නිති අත්දැකගත හැකි වනු ඇත!“

සිතුල්පව්වට ශ්‍රමදාන

  04 ජනවාරි 2013

දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සිතුල්පව්ව පුදබිම කියලා කියන්නේ අරිහතුන්වහන්සේලා බෝහෝමයක් වැඩ සිටියාවූ ඉපැරණි පින් බිමක්.  කතරගමට කිලෝමීටර් 18ක් පමණ දුරකින් තමයි තියෙන්නේ... කාවන්තිස්ස රජු විසින් කරවන ලද සිද්ධස්ථානයක් විදියට තමයි මේ පුදබිම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

නිස්කලංකව භාවනා කටයුතුද කරගෙන මේ පුදබිමද වන්දනා කරගන්නට එහි ගිය අපට මේ පුදබිමේ සංවර්ධන කටයුතු කීපයකට ශ්‍රමයෙන් දායකවන්නට අවස්ථාවක් ලැබුණා.  තද අව්රශ්මියේ මහා දවාලේ මේ පුදබිම පුරාවට ජලය සපයන ජලනල පද්ධතියට අවශ්‍ය කරන කටයුතු සිදුකරමින් සිටි යුද හමුදා සෙබළ පිරිස දුටු අපට එයට අංශු මාත්‍ර හෝ සහායක් නොදී එතැනින් ඉවත්ව යන්නට සිත්වූයේ නෑ. 

අපට හැකි අයුරින් ශ්‍රම දායකත්වය දීමෙන් නොනැවතී ඒ සත්කාර්යය උදෙසා එතැන වන්දනා කරන්නට පැමිණි තවත් පිරිස් ආකර්ශණය කරගන්නටද අපට හැකිවුණා.  අවසානයේදී අප කෙරෙහි පැහැදුනු හිමිවරුන් අපට නවාතැන් පහසුකම්ද ලබාදී රාත්‍රී කාලයේදී භාවනා කටයුතු වල නියැලෙන්නටද අවස්ථාව සලසා දුන්නා.