සල්ගල ආරණ්‍ය සේනාසනය

සල්ගල ආරණ්‍ය සේනාසනය

  01 ජනවාරි 0001

ලක්බිම කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සල්ගල ආරණ්‍යසේනාසනය පිළිබදව නොදන්නා යමෙක් නැති තරම්ය.  ලක්දිව ඉතාමත් පැරණිම ආරණ්‍ය සේනාසන වලින් එකක් වූ මේ ආරණ්‍ය සේනාසනය තුල හිමිවරුන් කිහිපනමක්ම භාවනායෝගීව වැඩවාසය කරනවා.  
ඉතින් මේ සල්ගල ආරණ්‍යසේනාසනයට නිතරම භාවනා කටයුතු ආදියට සම්බන්ධ වෙන අතර එහි විටෙක ඉදිකරන්නට යෙදුන දාන ශාලාවට උපකාර කරන්නට අපට හැකිවුණා. 

දානය පිළියෙල කරන පින්වත් පිරිස සහ පෝය දින සීල භාවනා වැඩසටහන් වෙනුවෙන් පැමිණෙන පිරිසගේ පහසුවත් ආරක්ෂාවත් පිණිස එහි නායක ස්වාමීන්වහන්සේ විසින් ඒ ශාලාව ඉදිකරන්නට යෙදුනා.  
ඒ වගේම මෙහි කුටි කීපයක් නැවත ප්‍රතිසංස්කරණය කරන්නටත් අපට අවස්ථාව තියෙනවා.  භාවනායෝගීව වැඩවාසය කරන ඒ හිමිවරුන්ට නිදහසේ ඒ කටයුතු කරගෙන යෑම පිණිස අපට හැකි අයුරින් දායක වීමට හැකිනම් ඒ පින අපගේ නිවී සැනසීමටත් හේතු වෙනවා නිසැකයෙන්ම.  අන්න ඒ නිසාම මේ මහඟ අවස්ථාව පිළිබඳව ඔබව මෙසේ දැනුවත් කරමි.

 

 

ඔබට දායක විය හැකි ආකාරයන්:

  • කුටි ප්‍රතිසංස්කරණ කටයුතු සදහාත් දායක වීමට ඔබට හැකියාවක් තියෙනවා.
  • ඒ වගේම ශ්‍රමයෙන් දායක වෙන්නට අවස්ථාවකුත් තියෙනවා.
    ස්වාමීන්වහන්සේගෙන් හෝ පහත නම් සදහන් කර ඇති මහතාගෙන් හෝ විමසා අවශ්‍ය ඕනෑම දේකට සම්බන්ධ වීමට ඔබට හැකියාවක් තියෙනවා

ගිණුම් අංකය | 

246200220006364

බැංකුව |

මහජන බැංකුව

ගිණුමේ නම |

පූජ්‍ය කුඹුක්කඩවල සුජාත හිමි (Rev. Kumbukkadawala Sujatha)