දානය නිසි ලෙසින් දෙමු!

දානය නිසි ලෙසින් දෙමු!

ඉතින් මේ කොටස වෙන් වෙන්නේ නිසි ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වා දෙන්නටයි.  ඔබ කුමන ආගමකට දහමකට අයත් වුණත් ඒ සෑම ආගමකම දහමකම පාහේ මතුකරලා පෙන්වා දී තිබෙන්නා වූ දෙයක් තමයි "දීම හෙවත් දානය" බොහෝම යහපත් වූ වැදගත් වූ සත්කටයුත්තක්ය කියලා.  යමක් තවත් කෙනෙකුට දෙන පුද්ගලයාට දෙවියන් පවා බොහෝම කැමැත්තක් දක්වන බව මේ දේව ධර්මයන්ගෙන් යුක්ත ආගම් දහම් වල නිතරම දක්නට ලැබෙනවා.  ඒ නිසාම ඒ ඒ අනුගාමිකයන් වශයෙනුත් ඔබ දීම කෙරෙහි නොයෙක් අයුරින් සිත යොදවලා ඇති.  ඉතින් මේ විස්තර විග්‍රහ වෙන්නා වූ බොහෝම කරුණු ඒ බුද්ධිමත් සැබෑම මිනිසුන් ප්‍රායෝගිකව යොදාගන්නා තරමටම පෙර කිවූ සියලු සත්වයින්ට යහපතක්ම වීම පිණිස හේතු වේවි.  

 

දන් දෙමු නේද?

දානය ගැන නම් කථා කරන්නට ඇති දෑ මෙතෙකැයි කියන්නට නොහැකියි.  මන්ද "දානය" තමයි ඕනෑම පුද්ගලයෙකුට ලෝකෝත්තර මාර්ගයේ...

අත සෝදාගත් සේ

ඉතින් මම හැමතිස්සේම කියනවා වගේ මම ගරු කරන්නේ පිළිපදින්නට උත්සාහ කරන්නේ බුදු හිමියන් පෙන්වූ ඒ සියලු දුක් කෙලවර...

කුණු සේදීම

ඔන්න දැන් මගේ අතේ තියෙන කුණු ටික මම  සංසන්දනය කරන්නට උත්සාහ කලේ දානය පිණිස දීම පිණිස මම බලාපොරොත්තු වෙන දේයි. දීම...

කුණු හා බැදී...

දැන් ඉතින් අනේ මේ පණුවෝ කෘමින් කරන වැඩ පිළිවෙලෙයි ඔබගෙයි වෙනසක් එහෙම පේනවද?  කඩෙන් ද්‍රව්‍යයක් අරගෙන ආවා.  ඒකෙන්...

මුල් පටන්ගැන්මක්

ඔන්න දැන් ඉතින් දානය මේ වැඩපිලිවෙලට සම්බන්ධ කරගන්නට වෙලාව හරි.  මතකනේ මුලින්මත් කිව්වා කුණු සෝදා හරිනවා වගේ දානය...

ප්‍රණීත අයුරින් දීම

මේ විදියට උපක්‍රමයක් වශයෙන් "දීම පිණිස / දානය පිණිස" මේ ලෝකයේ ඔබ යම්කිසි කැමැත්තක් තියෙන්නාවූ ඔබට ආශ්වාදයක්...

අල්පේච්ඡතාවය වැඩීම

මේ ආකාරයට සිතන්නට පුරුදු වන ඔබ තුල තවත් ගුණයක් වැඩෙනවා.  ඒ තමයි කුණු පුරවාගෙන ඉන්න ස්ථානයක සිටින කෙනෙක් වෙන්නේ...

පුද්ගලික සතුට

"දානයෙන් / දීමෙන්" පුරුදු පුහුණු කරන තවත් දෙයක් තියෙනවා.  ඒ වෙනුවෙන් බාහිර පුද්ගලයෙක් මත හෝ බාහිර තත්වයක් මත...

සංවරත්වයට පත්වීම

අන්න ඒ වගේ මනසක් තුල තමයි සංවරත්වය වැඩෙන්නේ.  කොහොමද?  දැන් ඔබ පුහුණු කරන්නේ දුක අසහනය පීඩාවන් රැසක් ගෙන දුන්න මේ...

ගැලපෙන විදියට දෙන්න

ඒ වගේ අල්ලාගෙන දන් දෙනකොට දෙන්නට කලිනුත් සිත මහා කුකුසක, අසහනයක ඒ වගේම දෙන වේලාවෙත් එසේමයි දුන්නට පස්සෙත් එහෙමයි......

බුද්ධිමත්ව අතහැරීම

ඉතින් හැම තිස්සේම කියනවා වගේ "සිතට එකඟව නැතිව ධර්මයට එකඟව සිතන්නට කියන්නට කරන්නට පෙළෙඹෙනවා නම් උත්සාහ කරනවා නම්" ඒ...

දන් දෙන ක්‍රම

ඒ වගේම තමයි දානය පිණිස සමහරවිට අපට මිල මුදල් හෝ අවශ්‍ය කරන සම්පත් නැතිවෙන්නට පුළුවන්.  උදාහරණයක් විදියට මෙහෙම...

තමන්ව දන් දීම

ඉතින් මුලින්ම කිව්වා වගේ පුද්ගලයින්වත් දන් දෙන්නට පුළුවන්.  මේ විදියට ප්‍රගුණ කරලා තමන් ප්‍රියකරන්නාවූ අල්ලාගෙන...

උපමා සසදා සිතන්න

ඔබ ඔබව දරකොටුවක් හා සමානකොට සිතන්නට, පාපිස්සක් හා සමානකොට සිතන්නට, දූවිලි ටිකක් හා සමාන කොට සිතන්නට තමන්ට දෙන...