මල් පූජා කරන ගාථා

  10 මැයි 2015

මල් පූජා කරන ගාථා Copyright Claims

Article summary

මල් පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම මල් පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් මල් පූජා කරන්නටත් හැකියි...

වණ්ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ

වර්ණයෙන්... සුවඳින් හා ගුණයෙන් යුත්ත වූ මේ මල් සමූහය ස්ම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී පාද පද්මයට පූජා කරමි.

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

මේ මල් බුදුරජාණන් වහන්සේට පුජා කරමි. මේ පින හේතුවෙන් මට නිවන ලැබේවා. මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය.