අටලෝ දහමට කම්පා නොවීම පිණිස

අටලෝ දහමට කම්පා නොවීම පිණිස

අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේලා ප්‍රමුඛ කරගත්තාවූ ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් කොතරම් නම් පානයන් පූජා කරන්නට යෙදෙනවාද. 

ඒ පූජාවන් අතරින් ප්‍රකට අෂ්ඨ පාන පූජාවන්ද අර්ථවත්ව තෙරුවන් ගුණයට නැමී සිදුකරන්නේ නම් සිහිය නුවණ වීර්ය සමාධි වර්ධනයෙන් ප්‍රඥාවට පත්වෙන්නට පසුතලය සැකසේවි. 

අරි අටඟි මඟට පත්වී ආර්ය භාවයට පත්වන්නාවූ පුද්ගලයා තුල ක්‍රම ක්‍රමයෙන් නැඟෙන්නේ අටලෝ දහමට කම්පා නොවන්නාවූ මානසික තත්වයක්මයි.  එවන්වූ මානසිකත්වයක් දරමින් ඒ ගුණයන්ට නැවෙන විට තමනුත් පත්වන්නේ ඒ උතුම් ආර්ය පුද්ගලයන් අට දෙනා අතරටමයි. 

අන්න ඒ නිසා අරි අටඟි මඟ තෝරාගෙන ඒ ගුණයන්ට පත්වන අදිටනින් යුතුව පිපාසිතයාට ලැබෙන සිසිල් දිය පොදක් වැනි ඒ උත්තරීතර ගාම්භීර පෙර නොඇසූ විරූ දහම අවබෝධ කරගන්නවා යැයි අදිටනින් යුතුව එවන්වූ උතුම් ධර්මයක් සිහිපත් කරගනිමින් එවන් වූ උතුම් ධර්මයක් අපට මතු කරදුන්නාවූ ඒ උත්තරීතර බුදු පියාණන්වහන්සේලා ප්‍රමුඛ කරගත්තාවූ ආර්ය මහා සංඝරත්නයට කෘතෝපහාරයන්ද වශයෙන් අෂ්ඨපාන පූජාවන් කිරීම මහත් ඵල මහානිශංසය පිණිසම හේතු වේවි!

මෙවන් වූ උතුම් අදහස් ඇතිව අෂ්ඨපාන පූජාවන්ගේ නිරතවීම ඔබගේ මෙලොව පරලොව දිවිය සරුවී නිවී සැනසීමටම පත්වීමටද එය උපකාරයක් කුසලයක් වනු නොඅනුමානයි! එවන් විදසුන් ඇතිව අෂ්ඨපාන පූජාවන් පූජා කරමි!  පූජා කරමි!  පූජා කරමි! පූජාම වේවා!  පූජාම වේවා!  පූජාම වේවා!