පහන් පූජා කරන ගාථා

  10 මැයි 2015

පහන් පූජා කරන ගාථා Copyright Claims

Article summary

පහන් පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම පහන් පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් පහන් පූජා කරන්නටත් හැකියි...

ඝනසාරප්ප දිත්තේන - දීපේන තමධංසිනා

තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං

ඝන වූ දෙයහි සාරයෙන් ලත් තෙලින් සහ කපුරු වලින් සම්පාදනය කරගන්නා ලද මේ පහන් දැල්ලෙන්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!

සද්ධාය සම්පදිත්තේන - දීපේන තමධංසිනා

තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තමෝනුදං

සැදැහැයෙන් සම්පාදනය කරගන්නා ලද අඳුර දුරලන මේ පහනින්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!