මොන්ටිසෝරි වැඩලු කියලා සමහරු කියනවා!

මොන්ටිසෝරි වැඩලු කියලා සමහරු කියනවා!

තවත් බොහෝ විට අහන්නට ලැබෙන දෙයක් තමයි පිරිසක් කියනවා මේ දේවල් මොන්ටිසෝරි වැඩලු.  මෝඩයන්ගේ වැඩලු.  ඉතින් කෙනෙක් තව කෙනෙකුට මේ විදියට කිව්වාය කියලා තමන් හැමවිටම විශ්වවිද්‍යාල හෝ විද්‍යාඥයින්ගේ මට්ටමක නැති බව දැනගැනීම තමයි වඩාත්ම සුදුසු.  විද්‍යාඥයෙක් වෙන්නත් මුලකුරු කරන විදිය දැනගන්නට සිද්ධ වෙනවා.  ඒ දේ අමතක කරන්නටත් හොද නෑ. 

එහෙත් මේ කාරණයේදී නම් ඇත්තටම මොන්ටිසෝරි අවධියේ ඉන්නේ මේ ආකාරයෙන් ශ්‍රද්ධාව මුල්කරගෙන සිදුකරන වැඩපිලිවෙල මොන්ටිසෝරි වැඩපිලිවෙලක් සේ දකින්නාමයි.  මන්ද තවමත් ධර්මය විනය හරි හැටි මූලික වශයෙන්වත් වටහාගන්නට කටයුතු නොකරන නිසාවෙනි.  ධර්ම වචන දැනුම සහ අවබෝධය යනු අවස්ථා දෙකක් බව මේ වන විට ඔබට වැටහී තිබෙනවා ඇතිනේ නේද?

ඉතින් ඒ වගේම තමයි මේ කරුණා ශාසනයේ වැඩපිලිවෙලට අදාල පින් කටයුතු වල නිරත වෙලා ඉන්න හැමෝම මුලකුරු කියන පිරිසක් නෙවේ.  ඒ අය වටිනාකම දැන ගන්නට ගන්නට පැහැදීම වැඩි වන්නට වන්නට මේ දේවල් වලට යොමු වෙනවා.  ඉතින් නැවතත් මේ විවේඡන උපවාද කරන්නට හේතුව මේ කටයුතු වල ප්‍රඥාවන්තකමක් තියෙනවාද නැත්ද යන්න විමසා නොබලන නිසාමයි.  ගැඹුරු අර්ථයක් තියෙනවාද නැත්ද යන්න විමසා නොබලන නිසාමයි.  ඉතින් මේ කටයුතු වල නිරත වන අයගේ බුද්ධිමට්ටම් සොයන්නට ගත කරන කාලය මේ කටයුතු වල බුද්ධිමත්කමක් ප්‍රඥාවන්තකමක් තියෙනවාද යන්න විමසා බලන්නට කැප කලා නම් මේ වන විට සැබෑවටම ප්‍රඥාවන්තයින් අතරට එකතු වන්නට හැකියාවක් ලැබෙනවා. 

ඉතින් දැන්වත් මේ අනුවණකම් අකීකරුකම් හිතුවක්කාරකම් පසෙකලා... තමන් මහා ප්‍රඥාවන්තයි කියලා හිතාගෙන ඉන්න ස්වභාවයන් පසෙකලා ඇත්ත දැනගන්නට නුවණින් විමසන්නට සැබෑවටම නිවනක් ලැබගන්නට යමක් මේ දේවල් තුල තියෙනවාදැයි සොයා බලන්නට ප්‍රඥාවන්තවන්න.  මේ කොටස තුලින් ඔබට ලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය කරන උපකාරයයි! අනුමාන නුවණ ලබන්නට අවශ්‍ය කරන පසුතලයමයි!