සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට


අප බොහෝ දෑ විශ්වාස කරනවා... අප බොහෝ දෑ බලාපොරොත්තු වෙනවා... බලාපොරොත්තු අපව ජීවත් කරවන බවනේ පවසන්නේත් නේද? එහෙත් අපට මඟහැරනු දෙයක් තිබෙනවා... මහා හිස් බවක් තිබෙනවා... මිල මුදල් ආදරය ආදී ජීවිත අත්දැකීමෙන් ඔබ්බට ගියාවූ අපුරු දෙයක්... එය නොලැබ මඟහරවාගෙන සිටිනවා... ඒ නිසාම කෙලවරක් නැති අසහනයන් පීඩාවන්ට පත්වෙනවා... තෘප්තියක් නැති වි තිබෙනවා... සැබෑ පිරිසිදු බුදු දහම අපගේ ජීවිත වල අවශ්‍ය කරන්නේ ඇයි දැයි සොයා බලන්නටම සිදු වෙනවා... මෙතෙක් කාලයක් නොසිතූ අයුරින් දන්නා කියන ස්වභාවයන් විමසා බලන්නට මුලින්ම කාලය ටිකක් ගත කරමු...