විපරිණාමයෙන් නිදහස් ද?

“හට ගත් සෑම දෙයක ම විපරිණාමය නුවණින් දකින තැනැත්තා, මේ අසාරවත් මුලා සහගත සංසාර පැවැත්ම නමැති උගුලට හසු වී ප්‍රමාද නොවන ප්‍රඥාවන්තයෙකි!”

ලෝකයේ හට ගත් සියලු දේට පොදු ධර්මතාවයක් තමයි විපරිණාමයට පත්වීමේ ස්වභාවය කියලා කියන්නේ.  හට ගත් සෑම දෙයක් ම මේ වෙනස් වීම හෙවත් විපරිණාමයට පත් වීම කියන ධර්මතාවයට යටත් වෙනවා. 

වයසට යෑම, ලෙඩ වීම, මරණයට පත්වීම ආදී සියල්ල ම අපට හමු වන්නේ මේ විපරිණාමය හෙවත් වෙනස් වීම කියන ධර්මතාවයට යටත්වයි.  තවත් ආකාරයකින් කියනවා නම් ඒ ආකාරයෙන් එක එක නම් ලබා දෙන්නේ වෙනස් වීම කියන කාරණයටයි.  පැවැත්ම තුල මඟ හරින්නට නො හැකි ම කාරණයක්.   

ජීවී වේවා... අජීවි වේවා... යම් තත්වයක් වේවා... මේ අවස්ථාව වේවා.... සෑම දෙයක් ම මොහොතින් මොහොත වෙනස් වීම කියන ධර්මතාවයට යටත් වෙනවා.  “මම” ලෙසින් “මගේ” ලෙසින් වෙන් කර ගත් සියල්ලේ ම පොදු ධර්මතාවය “වෙනස් වීම” හෙවත් විපරිණාමයට පත් වීමයි.

හොඳයි සැපයි සුවයි ප්‍රියයි මධුරයි කියලා වෙන් කර ගත්ත දේවල් වෙනස් වෙනවාට, විපරිණාමයට පත් වෙනවාට අප කැමති නෑ.  එවිට දුකයි.  නරකයි දුකයි අප්‍රිය යි හොඳ නෑ කියලා වෙන් කර ගත්ත දේවල් නම් වෙනස් වෙනවාට අපි කැමතියි.  ඒ විපරිණාමයට අපට සුවයි.  සතුටක් ම ගෙන දෙනවා.  ඒ වගේම තමයි මේ වෙනස් වීම, විපරිණාමය කියන ධර්මතාවය නිසාම අපට මේ ලෝකය ආශ්වාද ජනක ලෙසින් භුක්ති විඳින්නටත් හැකි වෙලා තිබෙනවා.  ඉතින්, එහෙනම් මේ විපරිණාමය අපට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? බුදු දහමේ අනිත්‍ය ලෙසින් කතා කරන්නේ මේ විපරිණාමය කියන ධර්මතාවය ගැන ද?  සියල්ල ම වෙනස් වීමට ලක් වී කැඩී බිඳී විනාශ වීම කියන ධර්මතාවය ද අනිත්‍ය කියලා කියන්නේ. 

අප මේ දේවල් ගැඹුරින් විමසන්නට ඕන නේද?  දැන් සතර පෙර නිමිති ගැන දැන ගත් ඔබට අදහසක් ඇවිත් ඇතිනේ අපි බාහිරයේ විද්‍යාමාන කාරණා පමණක් විශ්වාස කරමින් ඒ මත ම යැපෙමින් තීන්දු තීරණ ගන්නවා ද කියලා.  බුදු දහම කියලත් මේ වගේ මතු පිට බාහිර කාරණා හඳුනා ගෙන ඒවා ම පුරුදු කරන්නට කටයුතු කරනවා ද කියලා.  ඉතින් මේ අවුල් විසඳගන්නට උත්සාහවන්ත වෙමු.  නිවැරදි විමුක්තිය පිණිස මඟ තෝරා ගන්නට උත්සාහ කරමු!

~ with respect to the respective people in the below images & the people who has taken the photographs ~

| Please click here for copy rights claims |

 

 

Change.jpg

 

Changing.jpg

 

Things.jpg

 

Trees.jpg

 

Human & Animal.jpg