අවසාන ඵලය කුමක්ද?

  01 ජනවාරි 2012

අවසාන ඵලය කුමක්ද? Copyright Claims

උදාහරණයක් වශයෙන් ගත් විට ඕනෑම ආගමක අවසාන ඵලයක් තිබෙනවා.  ඒ අවසානය කරා තමයි සෑම ශ්‍රාවකයෙක්ම කටයුතු කරගන්නේ.  කතෝලික ක්‍රිස්තියානි අනුගාමිකයන් ස්වර්ගය කරාත්... හින්දු භක්තියකින් මහා බ්‍රාහ්මන් සිටින මෝක්ෂය කරාත්... ඉස්ලාම් භක්තියකන් අල්ලාහ් දෙවියන් හමුවීම පිණිසත් ආදී වශයෙන් සෑම අනුගාමිකයෙකුම ලබාගත යුතු අවසාන මහා ඵලයක් තිබෙනවා.  

මේ සෑම අවසානයක්ම මේ මොහොතේ පවතින තත්වයට වඩා උසස්වූ තත්වයක් ලෙසින් තමයි අපගේ විශ්වාසය.  ඒ නිසාම තමයි ඒ උසස් තත්වයට පත්වීමට අප සැම ආගම් භේදයක් නැතිවම කටයුතු කරගන්නේ.  මේ අතර මේ දේවල් විශ්වාස නොකරන ඒ ඒ මොහොතේ කල යුත්ත කරමින් කාලය ගත කරන පිරිසකුත් සිටිනවා.  එය සාමාන්‍ය දෙයක්.  මේ සෑම ආගමක දහමක වගේ අවසාන ප්‍රථිපලය ලැබෙන්නේ මරණින් මතු ජීවිතයටයි.  ඒ අභාෂය නිසාම මේ වන විට වත්මන් බෞද්ධයින්ගේත් බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ මතුවට ලබන අවසාන ප්‍රථිපලයක් ගැනම තමයි.  

බුදු දහමේ අවසාන ඵලය හඳුන්වන්නේ නිර්වාණය, නිවන, නිවීම ලෙසයි.  

සරලව කියනවා නම් පත්තුවෙවී තිබෙන ගිනි ගොඩක් නිවුනා වගෙයි.  විශේෂත්වය වන්නේ මේ අවසාන ප්‍රතිඵලය නම් මරණින් මතු ලබන තත්වයක් නොවීමයි.  මෙය මේ මොහොතේම අත්දැකගන්නට හැකි පළමුව නිවන කුමක්දැයි හඳුනාගෙන ඉන්පසුව ඒ හඳුනාගත් නිවන අත්දැකගැනීමට කටයුතු කිරීමක් තමයි බුදු දහම තුල ක්‍රියාත්මක වෙන්නේ.  ඒත් මේ වන විට බොහෝ දෙනෙක් නොදන්නා නිවනකට අඳුරේ අතපතගාමින් යන පිරිසක් ලෙසින් ගමන් කරනවා.  එය සැබෑ බුදු දහම නොවන බව හඳුනාගැනීම ආධුනික ඔබට වැදගත් වේවි.  මේ සියලු දෑ විස්තර ඇතිව හේතු ඇතිව පෙන්වා දෙන්නට මේ වෙබ් අඩවියේ බොහෝ කොටස් හරහා කටයුතු කරනවා.    

එහෙනම් මතකයිනේ... බුදු දහමේ අවසාන ඵලය තමයි නිවීම.  ඒ නිවීම / නිර්වාණය පිණිස දැනගත යුතු දහම තමයි නිර්වාණ ධර්මය.  ඒ ධර්මය නුවණින් අත්දැක ගත හොත් නිවිම හඳුනාගන්නට හැකියි.  එතෙක් නිවන යනු නොදන්නා දෙයක්ම පමණයි.   දත්තයන් ඔස්සේ ඉගෙන ගෙන ලැබගන්නට බලාපොරොත්තු වන්නේත් ඒ නිසාමයි!  එය එසේ කල නොහැකි බව හඳුනාගෙන ප්‍රඥාවන්තව අවසාන ඵලය මේ ජීවිත කාලය තුලදීම ලැබගන්නට කටයුතු කරමු!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;