පළමු පණිවිඩය

  09 මැයි 2022

Article summary

අලුත උපන් පුංචි පිරිමි දරුවන් වෙත...

පුංචි පුතේ, නුඹව ලෝකයට සාදරයෙන් පිළිගන්නවා!

මම ඔබව රතු සහ සුදු සහ නිල් ලෙසින් පාට කරන්නම්, ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම ඔබට අවශ්‍ය උපදේශනය ආරම්භ වෙනවා! 

ඉතාමත් ඉක්මනින් ම පාසල් විෂය මාලාව තුලින්, අප නුඹ ව මෝඩයෙක් කරන්නම්! ඒ උපක්‍රමය අසාර්ථක වුනොත්, අප නුඹ ව ප්‍රවෘත්ති නැරඹීම ට යොමු කරවනවා!

ඔබේ පිල තෝර ගන්න, දකුණ ද වම ද, රතු පාට (ඇත්ත) හෝ නිල් පාට (බොරුව) පෙත්ත ද තෝර ගන්න!  ඔබට ඡන්දය පාවිච්චි කරන්නට හැකියි, නමුත් ඔබ දිනුවත්, ඵලක් නෑ, මොකද අවසානයේ කොහොමත් හැමෝම පැරදිලා!

අමතක කරන්න එපා නම ගිය ප්‍රකට නිර්මාණ කරුවන් ගේ නිෂ්පාදන මිල දී ගන්න, මොකද “ගුචි” (ප්‍රකටව නම ගිය නිෂ්පාදනයක්) ඔබට හොඳ තත්වයක් ලබා දෙනවා!  මේ පද්ධතිය තුල අපි සත්‍යයට වඩා ද්‍රව්‍යයමය දේවල් වලට මුල් තැන දෙනවා!

කෑම ටින් ටිකක් රැස් කර ගන්න පුළුවන් නිසා, දරන්න බැරි රස්සාවක් කරන්න වෙනවා.  අපිට පාවිච්චි කරන්න පුළුවන් තෙල් ටිකක් තියෙන පිටරටකට ගිහින් “නිදහසේ” නාමයෙන් මැරෙන්න වෙනවා. 

ඔබට මේ පද්ධතිය තුල යමක් තෝරා ගැනීමේ නිදහස ඇති බව දැනවිය යුතු නිසා අපගේ “ප්‍රජාතන්ත්‍රවාදය” තිබෙනවා.  නමුත් අපගේ යටි වැඩපිළිවෙල මඟින්, අපට අවශ්‍ය දේ ම ඔබ විසින් කරවා ගැනීමට අප වග බලා ගන්නවා.

මොකක්ද ප්‍රශ්නේ, ඔයා මානසික ව වැටිලා ද? මේ සමාජය ඔබව ව්‍යාකූල කරා ද?  ගැටලුවක් නෑ, ඔබට අවශ්‍ය ඖෂධ අප සතු ව තිබෙනවා.  නමුත් ඒවලිනුත් ඔබව අපයෝජනයට ලක් විය හැකියි!

යන්න ගිහින් කසාදයක් කර ගන්න, ඔබ වගේම මේ දේවල් ගැන කිසිම අදහසක් නැති කාන්තාවක් විවාහ කර ගන්න!  ඉන් පසුව ඔබ වගේම පුංචි පැටව් ටිකක් මේ ලෝකයට පොම්ප කරන්න!

සෑම කෙනෙකු ම ගොදුරක් බවට පත් වූ මේ “පද්ධතිය” ට ඔබව සාදරයෙන් පිළිගන්නවා!  

ඔබ කළු වුනත් එකයි... සුදු වුනත් එකයි... මේ පද්ධතිය ඔබ සැමට සම සේ වෛර කරනවා! 

මේ පද්ධතිය තුළ දී “ප්‍රචණ්ඩත්වය” කියන්නේ ප්‍රධාන ලක්ෂණයක්. 

හරි දේ වෙනුවෙන් සටන් කරනවා යැයි සිතා ගෙන, වරදේ ම ගිලී සිටිනා පිරිසක් ඇති වරදින් ම පිරුණු පද්ධතියක්!

(වරදින් ම පිරී ඇති තැනක හරි දෙයක් සෙවීමේ ඵලය කුමක් දැයි නුවණින් විමසන්න!)