දෙවන පණිවිඩය

  09 මැයි 2022

Article summary

අලුත උපන් පුංචි ගැහැණු දරුවන් වෙත...

පුංචි දුවේ, නුඹව ලෝකයට සාදරයෙන් පිළිගන්නවා!

නුඹට කමක් නෑ නේද? මම නුඹව රෝස පාටින් පාට කරනවා!  නුඹ අහන්නට කැමති සංගීතය තුලින්  නුඹ, නුඹව ම විනාශ කර ගන්න තැනට අප නුඹව දිරිමත් කරනවා!

අපි සියලු මිනිසුන් දේශපාලනය සහ ජාතිය යොදා ගෙන බෙදුවා.  අවංකව ම, එය නියමෙට වැඩ කලා.  ඉතින් ඒ නිසා අප ඔබටත් ඒ බෙදීමේ න්‍යාය ම යොදා ගන්නවා!

ඔබ ඔබට ආදරය දැක්විය යුතු බව, අප ඔබට උගන්වන්නේ නෑ, අප ඔබට වෛර කර ගන්නා විදිය එන්නත් කරනවා!  ඔබේ ලිංගිකත්වය උලුප්පා දමන අයුරින් කටයුතු සිදු කර, ඉන් පසුව ඔබ දූෂණය ට ලක් වූ විට ඔබට ම දොස් කියන්නට සලස්වනවා!

ඔබව කෙට වීමට, ස්ත්‍රී පුරුෂ භාවය මකා දමමින් සෑම කෙනෙකු ම එක හා සමාන බව පවසමින්, පිරිමි සහ ගැහැණු උසස් බවට පත් කරන්නා වූ, විවිධත්වය ම ආයුධයක් කර ගන්නවා!

අපි කාන්තා ඔබට ඡන්දය දීමට සහ සමාන වැටුප් සඳහා සටන් කිරීමට සම අයිතිය ලබා දෙනවා.  ඉන් පසුව පිරිමින් ව නැවතත් කාන්තාවන් බවට පත් කර, නැවතත් එකම දේ වෙනුවෙන් නැවත නැවත සටන් කරන්නට ඉඩ සලසා දෙනවා!

නමුත් ඔබ සිතන විට ඔබ මේ දේවල් තේරුම් ගත්තා කියලා, සියල්ල වෙනස් වී අවසන්! ඔබව මේ පද්ධතියට සාදරයෙන් පිළිගන්නවා, කරුණාකර ඔබ මෙහි නවාතැන් ගන්නා කාලය රස විඳින්න!

මෙන්න බයිබලය සහ ඉතාමත් අඩුම මිලට අප හදන මත්පැන් බෝතලය, යන්න, අප හදන අඩුපාඩු වසා ඔබව රැක බලා ගත හැකි පිරිමියෙක් සොයා ගන්න!  නිවසක් මිලට ගෙන පදිංචි වන්න, ඔබේ යුතුකම ඉටු කරන්න, දරුවන් බිහි කරන්න.  ඔබ ඔය කරන දේම කරන දරුවන් හදන්න!

සෑම කෙනෙකු ම ගොදුරක් බවට පත් වූ මේ “පද්ධතිය” ට ඔබව සාදරයෙන් පිළිගන්නවා!  

ඔබ කළු වුනත් එකයි... සුදු වුනත් එකයි... මේ පද්ධතිය ඔබ සැමට සම සේ වෛර කරනවා! 

මේ පද්ධතිය තුළ දී “ප්‍රචණ්ඩත්වය” කියන්නේ ප්‍රධාන ලක්ෂණයක්. 

හරි දේ වෙනුවෙන් සටන් කරනවා යැයි සිතා ගෙන, වරදේ ම ගිලී සිටිනා පිරිසක් ඇති වරදින් ම පිරුණු පද්ධතියක්!

(වරදින් ම පිරී ඇති තැනක හරි දෙයක් සෙවීමේ ඵලය කුමක් දැයි නුවණින් විමසන්න!)