තෙවන පණිවිඩය

  09 මැයි 2022

Article summary

ලෝක වාසී සියල්ලෝ වෙනුවෙන්...

ඔබ හැමදෙනාවම මේ ලෝකයට, මේ පද්ධතියට සාදරයෙන් පිළිගන්නවා!

මම නුඹලා ව කළු සහ සුදු ලෙසින් වර්ණවත් කරනවා. මම නුඹලා ව එකිනෙකාට වෛර කර ගන්න තැනට පත් කරනවා එතකොට නුඹලා සැම විටම ගහ මරා ගන්නවා!

මම නුඹට සියලු ම ආගම් ද ලබා දෙනවා, ධර්මිෂ්ඨයන් හට  ආලෝකය සොයා ගැනීමටත් ඉඩ හරිනවා.  නමුත් ඒත් සමඟින් ම ක්‍රිස්තුස් වහන්සේ ගේ වචනයට විරුද්ධ වීමට, මම ඔබට විද්‍යාව නම් වූ විෂය ද දෙනවා!

ඒ වගේම මම ඔබට සීමා මායිම් දෙනවා, නමුත් ඒ සියල්ල මනඃකල්පිත රේඛා.  ඔබ ඒ සීමාවන් පැන ගියොත්,  යුද්ධයකට ගොස් සියල්ලෝ ම මරණයට පත් කර ජය ගන්නම වෙනවා!   

මම ඔබට ඔබ ජීවිතයටත් වඩා වටිනාකමක් ලබා දෙන මුදල් ලබා දෙනවා.  ඒ වගේම ඔබ ජීවිකාව පවත්වා ගැනීමට සටන් කරන අතරතුර සියයට එකකට පමණ පිරිසකට සියල්ල පහසුවෙන් ලබා ගැනීමටත් ඉඩ සලසා දෙනවා. 

ඊට පස්සේ මම ඔබට දේශපාලනය දෙනවා, මම එහි ඔබව වම සහ දකුණ යැයි කොටස් දෙකකට බෙදනවා.  තවද ඔබ මේ විදියට බෙදී සිටින අතරතුර, මම දෙපැත්තේ ම කිරුළු දරනවා!  මම රජයනවා!

ඇත්තටම, ඔබට පේන්නේ නැද්ද? මම පද්ධතියයි!

මගේ සම්පූර්ණ සහ එකම අරමුණ “බෙදීම” යි!

නමුත් ඔබ තෝරන දේ කිසි දා මට වැදගත් නොවනු ඇත!

මන්ද සියල්ල අයිති මට පමණයි!