නිරය අපා දුක

"සිතුවත් බිය කරවන අරතරයේ - වැටුණොත් එකසිය සතියක් නිරයේ

බලවත් දුක් විඳිනෙය කරදරයේ - මදකුත් පිණකට නැත අවසරයේ"

"ලෝවැඩ සඟරාව" තුල තිබෙන කවියක මේ කියන නිරය / අපාය / නරකය විස්තර වෙන්නේ ඒ ආකාරයටයි. 

නරක දේවල් නී රස දේවල් එපා එපා කියත්දි කියනවා නම් කරනවා නම් සිතනවා නම් ඉතින් යන්න වෙන්නේ මේ නරකය / නිරය / අපාය කියලා අපි හඳුන්වන ලෝකයට තමයි.  ඉතින් මේ නරකය මොන වගේ තැනක්ද මෙහි මොන මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් විස්තර කරලා තෝරගන්නට උත්සාහ කලොත් අපේම යහපතට එය උපකාර වෙයිනේ... එහෙම නේද? 

නිරයගාමී වෙනවා කියලා කියන්නේ සෙල්ලමක් නෙවේ කියලා බුද්ධිමත් ඔබට මේ කොටස අවසානයේදී වැටහේවී කියලා මම හිතනවා.  හැකිතාක් තොරතුරු එක්රැස් කරගෙන මේ කොටස තුලින් මේ නිරයගාමී වීමේ භයානකත්වය පෙන්වා දෙන්නට උපරිම උත්සාහ කරන්නම්.  පිළිගැනීම... නොපිලිගැනීම... තමන්ගේ ජීවිතයට එයින් උපරිම යහපත උදාකරගැනීම... සුපුරුදු පරිදි ඔබේ තීරණයයි!