දිනූෂ සත්‍යජිත්

දිනූෂ සත්‍යජිත් නමින් නොදන්නවා වුණාට මේ වෙනකොට ලක්බිම ඉතාමත් අලංකාරම බුදු පිළිම වහන්සේලා බොහෝමයක් මේ නිර්මාණකරුවාගේ නිර්මාණයි. ඔහුගේ නිර්මාණ ලබාගැනීමට ඔහුව සම්බන්ධ කරගන්නට මෙම අංකයෙන් හැකියි., 0718285581

දිනූෂ සත්‍යජිත්

  01 මැයි 2015

මෙම කාර්යයට මුල පුරන්නට හේතුවක් වුනෙත් සත්‍යජිත්මයි.  ඉතාමත් අඩු වයසකින් උතුම් කටයුත්තක් සිදුකරන... සිදුකරන දෑ නිසි ගෞරවයෙන් යුතුවම සිදුකරන අපූරු නිර්මාණකරුවෙක්... මුලින්ම අපට මුහුණ ගැහුනේ එප්පාවල සාගරසුමන හිමියන් නිසාමයි.  ඒ අවස්ථාවකදී අප හමුවූ වැල්ලවත්තේ සිලගවේසී හිමියන් නුවර බහිරවකන්දේ බුදුපිළිම නෙලූ නිර්මාණකරුවා සම්බන්ධයෙන් අපට පැවසුවේ අනුවේදනීය කතා පුවතක්... උන්වහන්සේ එතැනදී පෙන්වා දුන්නේ මේ වගේ අපුරු නිර්මාණකරුවන් ගැන නිසි සේ සඳහන් වනවා අඩු බවයි... එය නම් සැබෑවක්මයි වැටහුණ නිසාම "නිර්වාණ ධර්ම" සදහම් සත්කාරයේ වෙබ් අඩවියේ පිටු කිහිපයක් ඔවුන් වෙනුවෙන්ම වෙන් කරන්නට සිතක් පහල වුණා.  ඉතින් සත්‍යජිත් හමුනොවුනා නම් මේ කටයුත්ත මේ ආකාරයෙන් ඉටු නොවෙන්නට ඉඩ තිබුණා.  ඒ නිසා ඒ පුණ්‍ය කුසලයත් ඔහුටම ලැබේවා යැයි මෙත් සිතින් සෙත් පතමු.  

Sathyajith's Facebook 

 

 

 

Contact Details: 0718285581