අසම සම උපකාර

මේ කෘතෝපහාරය අසම සම මිනිසුන් පිරිසකටයි... මේ පිරිසගේ සහාය නිසාම මේ වන විට නිවන් මඟ අප්‍රමාදීව කටයුතු කරගන්නට අප දෙදෙනාට හැකි වී තිබෙනවා. නොමසුරුව ආධාර උපකාර කරමින් සිව් පසය ලබා දෙන ලොව වටා සිටින්නාවූ අපුරු මිනිසුන් පිරිසකට කෙරෙන කෘ‍තෝපහාරයයි...

අසම සම උපකාර

  31 දෙසැම්බර් 2014

කසා වත් දරන්නේද නැත...

අඩුවෙන් කතා කරන්නේද නැත... හිමින් ගමනක්ද නැත...

කිසිදු මානයකින් අප දහම් මඟ යන්නවුන් බව හඳුනාගන්නටද නොහැකිය...

නිවනක් පතන... නිවනක් ලබන... නිවන ලැබුමට කැපවූ බවක්...

අප දුටුවිටදී නම් කිසිවෙකුටවත් සොයාගන්නට නොහැක...

එහෙත් මේ අපූරු මිනිසුන්... 

ඒ කිසිවක් සෙව්වේද නැත... ඒ කිසිවක් තැකුවේද නැත...

එහෙත් අප කෙරෙහි ඇති අසීමිත විශ්වාසයේ අඩුවක්ද නැත...

ඔබ වෙහෙසව වැඩ කරයි... වෙහෙසව මුදලක් උපයා සපයා ගනියි...

තම තමන්ගේ දිවියේ කරන්නට බොහෝ දෑ තිබෙන බවද හොඳ හැටි දනියි...

එහෙත් ඒ සියලු දෑ මැද ...

ඔබට අපවද සිහිපත් වීම දහමේම ආශිර්වාදයක්දැයි සිතේ... 

දිගින් දිගටම විශ්වාසයේ අඩුවක්ද නැත...

අසීමිත සහායේ අඩුවක්ද නැත...

ඔබ ලබා දෙන දෙයින් අප කුමක් කරන්නේදැයිවත් සොයා නොබලයි...

මෙවන් වූ අතහැරීමක්...

මෙවන් වූ දානයක්...

පින්වත් මිනිස් ජීවිත ලත් ඔබට නිවනටම උපකාරයක්මයි...

ලබන්නට අපහසු... වඩන්නට අපහසු ගුණයක් දරන ඔබට...

අතහැරීමෙන් නොඇලීමෙන් මිදි යන්නට බොහෝ කල් නොවනු ඇත...

මේ අසීමිත ගුණයට උපහාර පුදන්නෙමු...

ස්තූතිවන්ත වන්නෙමු...

අපට නිවන් මඟ සරු කරගන්නට ඔබ ලබා දෙන සහායම 

ඔබටද නිවන් මඟ සුව පහසුවෙන් ලැබුමට 

හේතු උපකාරම වේවා යැයි අදිටන් කරන්නෙමු! 

තෙරුවණේ අසීමිත ගුණ ආශිර්වාදයන් ඔබ වෙතට ලැබීමෙන් 

අප්‍රමාදීව නිවනටම පත්වන්නට ඔබට හැකිවේවා යැයි මෙත් සිතින් පතන්නෙමු!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා