සතුටින් පිලිගන්න

  01 පෙබරවාරි 2013

ඒ වගේම මෙසේත් පෙන්වා දුන්නා.

සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 2 < චතුක්ඛ නිපාත < චතුත්ථ පණ්ණාසකය < 3. සංචේතනීය වග්ග < 10. මහාපදේස සූත්‍රය < ග්‍රන්ථයේ පිටුව 326  - 331 (PDF පිටුව)

ඒ සූත්‍රයේම මෙසේත් තියෙනවා;

සූත්‍රයට විනයට ගැලපෙනවා නම් අන්න ඒ වචනයන් ධර්මය විනයට සම්මා සම්බුදු පියාණන්වහන්සේගේම වචනය, ධර්මයය, විනයය, ශාසනයය ලෙසින් ගත යුතු බව. දැන් ඉතින් කව්රු කොහොම කිව්වත්, දේශනා කලත්, පොත් පත් රචනා කලත්, මේ වගේ වෙබ් අඩවි තුලින් ලබා දුන්නත් ඒ දෙන්නේ ධර්මය කියලා තම තමන් කියනවා නම්, ඒ දෙන්නේ විනය කියලා කියනවා හැම කෙනෙක්ම කියනවා නම්,  මෙන්න මෙය තමයි බුද්ධ ශාසනය කියලා යමෙක් විසින් කියනවා නම් හෝ ලියලා තියෙනවා නම් හෝ වහ වහා කුමක්ද කල යුතු වෙන්නේ? 

ඔව්, ඔබ විසින් ඒ කියන දේවල් කියවන දේවල් පදයක් පාසා අර්ථය අදහස ගෙන ඒවා සූත්‍රයට ගැලපෙනවාද විනයට ගැලපෙනවාද කියලා තෝරා බැලිය යුතු වෙනවා. 

දැන් ගැටලුවක් තියෙනවානේ.  මොකක්ද ඉතින් මේ බහා බැලිය යුතු යොදා බැලිය යුතු සූත්‍රයයි විනයයි කියන්නේ?  ඒ සූත්‍රය සහ විනය කියන්නේ මොකක්ද කියලා තෝරගන්න එක මුලින්ම වැදගත් වෙනවානේ එහෙම නේද?