බුදු හිමි බණ හැර වෙන බණ දැරීම

  16 පෙබරවාරි 2017

මන්ද නිවන් මඟ යනු පැවැත්මේ ලොකු ලොක්කන් වීමට නොව... ලොකු ලොක්කන් වීමේ යථාව අත්දැකගැනීමටයි... ලොකු ලොක්කන් යැයි සිතෙන... අනුන්ට සමාන යැයි සිතෙන... අනුන්ට වඩා පහත් යැයි සිතෙන සියලු මානයන්ගෙන් මිදීම පිණිසයි...

“මම ශ්‍රෙෂ්ඨයෙක් වෙමි යන මාන කොටස, මම සමානයෙක් වෙමි යන මාන කොටස, මම හීනයෙක් වෙමි“ යන මාන කොටස වූ ත්‍රිවිධ මාන කොට්ඨාසයෝ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂයකිරීම පිණිස, ප්‍රහාණය පිණිස වූ මඟ නිවන් මඟයි... අරි අටඟි මඟයි...

සම්මා දිට්ඨිය හෙවත් සියලු රූපයන්ගේ, සියලු වේදනාවන්ගේ, සියලු සංඥාවන්ගේ, සියලු සංකාරයන්ගේ, සියලු විඤ්ඤාණයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දැක... ඒවායේ මෙතෙක් වූ සංඥා විපරීතය හඳුනාගෙන නිවැරදි කරගන්නා දැක්ම මුල්වී ඇරඹෙන අරි අටඟි මඟයි. 

ප්‍රඥාවන්තවන්න... නුවණින් දකින්න... අෂ්ට සමාපත්ති දැරූ, පංච වරයන් ඉල්ලූ, මහා අභිඥා බල දැරූ පෘතග්ජන භික්ෂුව දෙව්දත් හිමියන් සිහියේ තබාගන්න...  දෙව්දත් හිමියන්ගේ බණ නොදරන්න... ඒ බණ සරණ නොයන්න!

සාරා සංඛ්‍යකල්ප ලක්ෂයක් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස අවශ්‍ය කරන සියලු ගුණයන් සම්පූර්ණ කරගෙන අන්තිම අත්බැවය දරන බෝධිසත්වයන්වහන්සේට ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය ගැන මහා ලොකු අදහස් දැක්වූ ඡන්න රථාචාර්යයාගේ බණ නොදරන්න... ඒ බණ සරණ නොයන්න!

අසම සම තුන් ලෝකාග්‍රවූ තුන් ලෝකයටම පෙර නොඇසූ විරූ දහමක් මතු කර දුන් සම්මා සම්බුදු පියවරුන් මතු කල පිවිතුරු ශ්‍රී සත්ධර්මය නිවැරදිව සොයන්න... එවිට අසන්නට ලැබේවි... හරියට ඇසුවේ නම් ප්‍රඥාව දරා ගනිවී... තමන් යැයි මෙතෙක් දරාගත් සියල්ලෙහි අසාර බව නුවණින් පෙනේවි... ඇසුවේ නම් දැරුවේ නම් ඒ අනුව හැසිරේවි...

එවිට කුමක් වේදැයි කෙටියෙන් බලමු...