රූප අරූප භවයන් සකස් වීම

  16 පෙබරවාරි 2017

ඒ අතර තවත් අදහස් එනවා... අනේ මේ කාම රාගයෙන් නැගෙන දාහය නොතිබ්බානම් හොඳයිනේ... මේ ප්‍රශ්ණ ඔක්කෝම මේ කාම රාගය නිසානේ...

එතකොට හිතට අර කලින් තිබූ මූලික රූප රාග තත්වයේ සුවය හොඳයි කියලා දැනෙනවා... මතක් වෙනවා...

ඉන්පසුව අල්ලාගන්නවා කාම රාගයෙන් නිදහස් වූ මානසිකත්වයෙන් ලැබෙන රූප ධ්‍යාන හෙවත් රූප දැහැන් ලෝකයන්... රූප බ්‍රහ්ම ලෝක කියලත් කියනවා... භව තණ්හාව කියලත් කියනවා...

ඒ වුණාට රූපය කියන්නේ ප්‍රශ්ණ ගොඩක්මයි... මේ වෙලාවේ රූපයේ ඇත්ත නොදැක්කාට මොකද ඉතින් මේ ප්‍රශ්ණ ස්වභාවය දැනෙනවා...

ඒ නිසාම එහි වෙහෙසක් දැනෙනවා... සුවය පසාරුකරගෙන නැගෙන්නේ අන්න ඒ වෙහෙසයි... ඒ නිසාම ඒකත් ඕන නෑ කියලා හිතෙනවා... මෙතනදි රූපයේ ඇත්ත නොදැක සිටි නිසා මෝහය එහෙම්මමයි... මෝහයට හානියක් නෑනේ...

ඒ නිසා අවිද්‍යා සහගත තීරණයක් එනවා... මේ රූප ඕන නෑ කියලා... රූප ප්‍රතික්ෂේප වීමක් එනවා...

අරූප භවය සකස් වීම

අන්න එතකොට නැඟිලා එන්නේ අරූප දැහැන්... අරූප ධ්‍යානයන්... අරූප භව... පවතින්නට ඕන නෑ කියලා හිතෙන ස්වභාවයක්... විභව තණ්හාව...

මේ රූප අරූප දැහැන් හමුවේ... ඒ භවයන් හමුවේ මහා උසස්බවක් දැනෙනවා... මෙතෙක් කාලයක් නොවින්ද සුවයක් ප්‍රීතියක් සැහැල්ලුවක් නන් අයුරින් දැනෙන්න ගන්නවා... එයිට වඩා උසස් දෙයක් නෑ කියලමයි දැනෙන්නේ... ඇයි?  කාම රාගයෙන් නම් එතරම් සුවයක් කවදාවත් නොලැබුණ නිසා... අනෙක් එක තමයි කාම රාගයෙන් සුවයක් ලබන්නට විඳපු දුක් කන්දරාව මෙතනදි විදින්නට ඕන වුනේ නැති නිසාමයි...

කාම රාගය සකස් නොවූ තැන... රූපයේ ඇත්ත නොදැක්ක තැන... නැවතත් මේ ආකාරයෙන් හසුවී සිටින්නේ කුමකටද මේ?  රූපයටමයි... “රූපයක් නැතිනම් සුව යැයි“ විශ්වාසයෙන් සකස්වන අරූපය නම් වූ අති සියුම් රූපයටමයි...

හරි කෙලියක් (සෙල්ලමක්) තමයි වෙන්නේ... ඇයි?

කාම රාගය නිසාවෙන් සකස් වෙන කාම භවය නම් බැලූ බැල්මට නැතිවුණත්... රූප රාගය, අරූප රාගය නිසාවෙන් සකස් වූ රූප භව, අරූප භව එහෙම්මමයි... ඒ වුණාට හිතෙන්නේ නම් පැවැත්මෙන් නිදහස් වුණා කියලයි... සමහර විට නිරෝධ වුණා කියලත් දැනෙන්න පුළුවන්... නිරෝධ සමාපත්තියක් කියලා අර කියන්නාවූ රූප අරූප දැහැන් සමාපත්තියන්ට රැවටෙන්නටත් පුළුවන්...

අවිද්‍යාවෙන් පත්තියන් වෙලා ඉවරයිනේ... අවිද්‍යාවෙන් ප්‍රත්‍ය සකස් වෙලා ඉවරයි... ඒකයි පත්තියන් වෙලා කිව්වේ...

ඇයි?  මනුස්ස අපට පැවැත්ම, කාම රාගයෙන්ම සකස් වූවක්නේ... ඒ නිසා... රූපයේ ප්‍රශ්ණය රූපයේ ඇත්ත නොදැක්ක නිසා ඇතිවූ අවුලක මහත තමයි මේ...