අන් අයවත් ලෙඩ කරන්නවද?

  18 නොවැම්බර් 2015

අනේ ඔබේ දරුවන්ව හෝ ආදරය සෙනෙහස දක්වන අන් අයවත් රෝගීන් වන්නට උපකාර කරන්නට එපා! 

ආශ්වාද පසුපස හැල්මේ දුවන දැවෙන සිත් ලබාගන්නටම ජීවිතය කැප කල යුතුයි අවවාද අනුශාසන දෙමින් මේ රෝගී වන වැඩපිලිවෙලට මැරෙන වැඩපිලිවෙලට ඔබේ දරුවන්වත් අන් ආදරය සෙනෙහස දක්වන අයවත් පත්කරන්නට එපා!

දෙමව්පියන් වශයෙන් මේ අසාර ලෝකය ජයගන්නට දරුවන්ව පුදුමාකාර ලෙසින් යොමු කරවනවා.  තරුණ වයසේ සිටින දරුවන්ව විවාහ කරවන්නට දරුවන් හදවන්නට පුදුමාකාර ලෙසින් ඔවුන්ව අසහනයට පත්කරමින් කටයුතු කරනවා.  සත්ධර්මයක් අහගන්නට නීරෝගීබව ලබාගැනීමට කැපවෙන්නට සමහර අවස්ථාවලදී දරුවන් කැමැතියි.  ඒත් ඒවාට ඉඩ දෙන්නට ඔබ කැමති නෑ.

"පිස්සුද මෙච්චර පොඩි වයසෙන් ඔය විකාර ඕන නෑ" කියලා තමන්ගේ ලමයව ලෙඩ කරවන්නට... මරාගන්නමයි ඔබ උත්සාහ කරන්නේ... "පන්ති යන්න තියෙනවා ඔය බණ අහගන්න පස්සේ බැරියෑ" කියලා දරුවන්ව මේ මාර්ගයෙන් ඈත් කරවනවා...

විශාකාවත් දරුවන් හැදුවා යැයි පවසමින් කාමයේ හැසිරෙන්නට දරුවන්ට අනුබල දෙනවා.  පැවැත්ම පිණිස අනුබල දෙනවා... එසේ කරන්නේ ආදරය නිසා

යැයි කියනවා... නැවත නැවත රෝගී වන්නට අනුබල දෙන... නැවත නැවත මහලු වීමේ දුක දරන්නට කියන... නැවත නැවත මරණයට පත්වෙන්නට අනුබල දෙන ඔය මොන ආදරයක්ද? 

යුතුකම් ඉටු කිරීම යනු තමන්ගේ මතය තව කෙනෙකු තුල බලහත්කාරයෙන් ඉටු කරවීම නොවේ.  මෙන්න මේ බලහත්කාරකම් කිරීමේ වැඩපිලිවෙල තමයි ඔබට මේ නිවන් දකින්නටවත් වෙලාවක් නැතැයි දොස් තියන අසහනකාරී ගිහි වැඩපිලිවෙල බවට පත්වී තියෙන්නේ. 

දරුවාගෙන්, සහකාරයාගෙන්, සහකාරියගෙන්, දෙමව්පියන්ගෙන්, ඥාති හිතමිත්‍රාදීන්ගෙන් තමන්ගේ මතය ඉටු කරගන්නට තමන්ගේ කැමැත්ත ඉටු කරගන්නට පොර කනවා.   

ඔබගේ ආත්මාර්ථකාමීත්වය ඔබ දැකිය යුතුයි.  ඒ තුලමයි ඔබට ඔබගේ ගැලවීමත් ඔබ ආදරය සෙනහස දක්වන පිරිසගේ ගැලවීමත් තිබෙන්නේ. 