අනුවණකම වටහාගන්න

  18 නොවැම්බර් 2015

මෙහෙම කිවූ විට පවසන්නේ "මැරුණට කමක් නෑ... මම මැරෙන්න බය නෑ... අනේ දුක් විඳලා නම් මැරෙන්න බෑ... ඒකයි මෙච්චර උත්සාහ කරන්නේ" කියලා...

කායිකව රෝගී තත්වයකින් යම් දුකක් විඳිනවාද ඒ හා සමානව දුකක් ඔබ ප්‍රතිකර්ම ඔස්සේ විඳින බවවත් ඔබට දැකගන්නට නොහැකියිද? 

විවිධාකාර උපකරණ හමුවේ... විවිධාකාර බෙහෙත් වර්ග හමුවේ... විවිධාකර ශෛල්‍යකර්ම හමුවේ... විවිධාකාර වෛද්‍යවරුන් හමුවේ... විවිධාකාර රෝහල්

හමුවේ... කොතරම් නම් දුකක් පීඩාවක් අසහනයක් විඳිනවද?  මොකක්ද මේ ඔබ ඔබවම රවටාගෙන කරගෙන යන හරයක් නැති වැඩපිළිවෙල?

අනාගතයේ රෝගය සුව වේවි කියන බලාපොරොත්තුව සිතේ දරාගෙන මේ දුක විඳගන්නවා.  එහෙම නේද?  එහෙත් නැවත රෝගී වන්නට තිබෙන අවස්ථාව නැති කර දෙන... නැවත මරණයට පත්වන්නට තියෙන අවස්ථාවම නැති කර දෙන බුදු දහමේ නිවන කරා යන වැඩපිලිවෙල කරගතහොත් හොඳයි නේදැයි ඇසූ විට?????

"අනේ, දවසම බණ අහන්න බෑ කොන්ද රිදෙනවා ඉඳගෙන ඉන්න බෑ... අපෝ පාන්දර නැගිටගෙන යන්න අමාරුයි... අපෝ එතැන දානෙට දෙන ඒවා හරි නෑ... අනේ ඔය පොරකාගෙන බණ අහන්න බෑ... මට පන්සලේ පඩි නඟින්න බෑනේ... ඉඳගන්න හරියට තැනක් නෑ..." මේ වගේ කොච්චර නම් අමාරුකම් කියනවද ඔබ?

අනේ,  ඔබ ඇත්තටම කොතරම් මෝඩකමකින් අසරණ වෙලා ඉන්නවාදැයි ඔබට දැනෙන්නේ නැතිද? එහෙම දැනුනට කමක් නෑ... ඇයි?  ඔබ ඔබගේම මෝඩකම් වලට ලජ්ජා නොවුනොත්, ඔබගේම අසරණභාවයට බිය නොවුනොත්, ඔබ ඔය හෙම්බත් වූ දිවිල්ල හැමදාම කරනවා නියතයි!!!