තුන් දොස් කිපීම

  18 නොවැම්බර් 2015

කායිකව නම් "තුන් දොස් කිපෙනවා" යැයි පවසන්නේ, කයෙහි ඇති වා, පිත්, සෙම් කියන්නාවූ අවස්ථා තුනෙහි ඇතිවන අසමානකම් සමූහයටයි.  ඒවා ඇවිස්සුනාව එක එක ප්‍රශ්ණ... එක එක ලෙඩ... ඒත් මේ තුන ඇවිස්සෙන්නත් රෝගී සිතේ තුන් දොස් කිපීම තමයි බලපාන්නේ...

රෝගී සිතක තුන් දොස් තමයි රාගය, ද්වේශය, මෝහය... මෙන්න මේ දෝස තුන ඇවිස්සුණාම සිතත් දරුණුවට ලෙඩ වෙනවා... කයත් ඒ සමඟම රෝගී වෙනවා...

හොඳම අත්දැකීම තමයි ඔබට කායික වශයෙන් හැදෙන ගෑස්ට්‍රයිටීස් නම් රෝගය.  ඔබට තරහා ගිය අවස්ථාවට... සිතේ ගැටීමක් ඇතිවන අවස්ථාවට... යමකට අධිකව කම්පා වෙමින් සිතේ කලකිරීමකින් යුතුව තරහක් ඇති අවස්ථාවට... කායික වශයෙන් මෙන්න මේ ගෑස්ට්‍රයිටීස් නම් රෝගය මතු වෙනවා.  බාහිරයෙන් හේතුව දකින පිරිස මෙය දකින්නේ "පිත" ඇවිස්සිලානේ කියලයි.  එහෙම නේද?  එහෙත් "පිත" කය තුල නිර්මාණය වන්නට සිතේ "පිත" හෙවත් සිතේ ඇතිවන "ද්වේශ බව" කියන ආම්ලික ස්වභාවය හේතු වුණා. 

ඔන්න ඔය වගේ තමයි අපගේ කයට හැදෙන සෑම රෝගයක්ම මෙන්න මේ සිතේ ප්‍රශ්ණ නිසාම හටගත්ත රෝගාබාධයන්මයි.  මෙහිදී හොඳින් තේරුම් ගන්න ඕන මේ කියන්නේ මේ ජීවිත කාලය තුලදී පමණක් සිදුවූ දේ නොවේ.