තවත් බොහෝ රෝග

  18 නොවැම්බර් 2015

එම සූත්‍ර දේශනාවේම බුදු හිමියන් පෙන්වා දෙනවා යමෙක් පින්කම් නොකලේ නම්... කුසලය නොවැඩුවේ නම්.... බිය නැති කරන වැඩපිලිවෙලට බැස නොගත්තේ නම්... ඔහේ කුණු වැඩ කරමින් නොදරුවන් සේ හැසිරුණේ නම්...  ඒ පුද්ගලයා රෝගයක් වැළඳී සිටිනවා හා සමානයි කියලා. 

මන්ද ඔහු ඒ දේවල් පිළිබඳව සිහිපත්වීමෙන් බොහෝ දුකට අසහනයට පත්වන නිසාමයි... ඉන්පසුව මරණින් පසු දුගතියකට පත්වන්නට සිද්ධ වෙනවා නේදැයි කියලත් සිහිපත් වෙනවානේ... නේද? 

ඒ වගේමයි සත්ධර්මයේ ඇසුරු නොලබන තාක් ඔබගේ සිතට නැඟෙන සැකයත් මහා රෝගයක් හා සමානයි.  බුදු පියවරුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, මෙවැනි කරුණු පෙන්වා දුන් කල එවැනි කරුණු කාරණා තේරුම් ගෙන මනස උසස් කරගත්තාවූ නිවන් මාර්ගය ජයගත්තාවූ සංඝයා කෙරෙහි ඇතිවන සැකය රෝගයක්.   

මරණ මොහොතේදී මෙතරම් සත්ධර්මයක් තිබුණද එයින් නිසි ඵල නෙලාගන්නට නොහැකි වුණා යැයි කම්පාවට පත්වන්නට එවැනි පුද්ගලයන්ට සිදුවෙනවා... අන්න ඒ නිසා අප්‍රමාදීව නුවණ මෙහෙයවීම ඉතාමත් වැදගත්!