ධර්මය තුල කායික නීරෝගීබව

  18 නොවැම්බර් 2015

ඉතින් මේ අය බොහෝ ගිලන්ව අධික වේදනාවන්ගෙන් යුතුව සිටින අවස්ථාවලදී ඔවුන්ගේ කායික රෝග සම්බන්ධයෙන්, බුදු හිමියන් විසින් මෙන්න මේ වගේ දෙයක් තමයි ඔවුනට පවසන්නේ....

සූත්‍ර පිටකය > සංයුත්ත නිකාය 3 (ඛන්ධක වර්‍ගය) > 1.ඛන්ධ සංයුත්තය > 1. නකුල පිතු වග්ගය > 1. නකුල පිතු සූත්‍රය  > පිටු අංක 2 - 9 (පී.ඩී.ෆ් පිටු අංක 29 - 36)

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

මේ කය පරිහරණය කරන පුද්ගලයන් විසින් "මොහොතකට" හෝ නීරෝගීබවක් ප්‍රාර්ථනා කරනවා නම්, බලාපොරොත්තු වෙනවා නම්, එය නොදන්නාකම / බාලකම / අනුවණකම  හැර අන් කවරක්ද කියලා අහනවා...

ඒ විතරක් නොවේ අප විසින් මුල්තැන දිය යුතු කාරණයක්ද පෙන්වා දෙනවා...

කායික රෝගයන් සහිතව ගිලන්ව රෝගීව සිටියත් මාගේ සිත රෝගී නැත... ගිලන් නැත... ලෙසින් හික්මීමක් අප තුල ඇති කරගත යුතු බව පෙන්වා දෙනවා.   එහෙනම් මෙතැනදී "ආරෝග්‍ය පරමා ලාභා - නීරෝගීබව උතුම් ලාභයයි" යන ගාථාව තුල ගැබ්වන්නේ මෙන්න මේ "සිතේ ඇති නීරෝගීබව" පිළිබඳව නේදැයි ධර්මය තුලින්ම විමර්ශණය කොට දත යුතුයි.