නියම සුවය

  18 නොවැම්බර් 2015

"ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම් ලාභයයි" ලෙසින් මේ කිව්වේ එහෙනම් "භයානක සංසාර පැවැත්ම නමැති භව රෝගයෙන් නීරෝගී බවටම පත්වීම උතුම් ලාභය" බවමයි.

සියලු හේතු තතු සේ දන්නාවූ මහා ප්‍රඥාවන්ත බුදු පියවරුන් බොරු කියන්නේ නෑ.  කරන්නට නොහැකි දේවල් කියන්නේ නෑ.  කායික රෝගයන්ගෙන් මිදීමක් ලබාගන්නට තාවකාලික පිළියම් කරනවා වඩා සාර්ථක... කරගන්නට හැකි ක්‍රමය තමයි භව රෝගයෙන් මිදී සිත නීරෝගී කරගැනීම.  එවිට කායිකවත් නැවත නැවත රෝගී වන ස්වභාවයෙන් මිදෙන්නට හැකියාවක් ලැබෙනවා.

උපත නැති කරගතහොත් පමණයි කායික රෝගයන්ගෙන් මිදෙන්නට හැකිවන්නේ.  ඒ නිසාම "නිබ්බානං පරමං සුඛං - නිවනම පරම සුවයයි" කියලා කිව්වා.  සියලු දුකෙන් මිදීමක් ලැබෙන නිවීම තුලින් හැරෙන්නට ඔබට සුවයක් පතන්නට නොහැකියි.  අන්න ඒ නිසා ප්‍රඥාවන්තව මේ කරුණු තෝරාගන්න!

එසේ නම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්ධර්මය නිසි ලෙසින් ශ්‍රවණය කරන්න.  එවිට ඔබට මේ දේවල් වල ඇත්ත නැත්ත ඔබට ඔබගේම ප්‍රඥාවෙන් අත්දැකගන්නට හැකිවේවි!!!

නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

එසේ නම් ඔබ භාවනාවක් වශයෙන් වඩන්නාවූ "මමද සියලු සත්වයෝද නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!" ලෙසින් පවසන්නේ පැනඩෝල් එකක්වත් කොත්තමල්ලි උඟුරක්වත් බොන්න නොවන කායික නීරෝගීබවක්වත් කායික සුවපත් බවක්වත්නම් නෙවේ. 

ඒ තුලින් අදහස් කරන්නේ මෙන්න මේ කියන සියලුම ආකාරයේ සිතේ රෝග දුරු කරගෙන භව රෝගයෙන් නීරෝගී වීම තුලින් ලබන සැබෑම පරම සුවය වන නිවන් සුවයට පත්වේවා" යන්නයි. 

එහෙනම් ඔබ විසින් අන්ධයා සුදු වර්ණය දුටුවා සේ ධර්මය නොදැක නිසි ලෙසින් ධර්මය දැකගන්නට අන්ධභාවයෙන් නිදහස් වෙන්නට අධිඨන් කරගත යුතුයි!

අන්න ඒ වැඩපිලිවෙලට බැසගත් ඔබට සැබෑම අර්ථයෙන් එවිට "සියලු සත නිරෝගී වෙත්වා!!!  සුවපත්වෙත්වා!!!" යැයි පවසන්නට හැකියාවක් ලැබෙනවා!