නීරෝගීබව වෙනුවෙන් දුවනවද?

  18 නොවැම්බර් 2015

ඔබ ඉතාමත් කාර්ය බහුලයි.  දරුවන් වෙනුවෙන් හෝ දෙමව්පියන් වෙනුවෙන් හෝ සහකරු සහකාරිය වෙනුවෙන් හෝ මුණුබුරු මිණිබිරියන් වෙනුවෙන් හෝ කැපවී සිටින ඔබට ඔබගැනවත් බලාගන්නට වෙලාවක් නැතිබවමනේ ඔබ පවසන්නේ නේද?  හිතන්න ඔබට දරුණු රෝගාබාධයක් හැදෙනවා.  ඒ රෝගාබාධය සුවකරගන්නට ඔබ ඉතාමත් උනන්දුවෙන් උත්සාහවන්ත වෙනවා එහෙම නේද? 

උදාහරණයකට කොලොස්ටරෝල් වැනි තත්වයන් මඟ හරවා ගන්නට හෘද ආබාධයන් වැනි තත්වයන් මඟ හරවාගන්නට ඔබ දුවන්නේ නැතිද?

  • ව්‍යායාම වශයෙන් දුවනවා...

  • වෛද්‍යවරුන් පසුපස දුවනවා...

  • ඒ රෝගයෙන් මිදීමක් ලැබෙන කෑම බීම පසුපස දුවනවා...

  • බෙහෙත් වර්ග පසුපස දුවනවා...

  • බෙහෙත් ක්‍රම පසුපස දුවනවා...

  • ඒවාට සම්බන්ධ ලිපි ලේඛන පොත පත කියවා ඒවා ගැන දැනුවත් වෙන්නට දුවනවා...

  • ඔය හැමදේම වෙනුවෙන් මුදල් එක්රැස් කරමින් ඒවා තම රෝගය වෙනුවෙන් වැය කරමින් දුවනවා...

  • ආතතිය නැති කරගන්නට භාවනා කරන්නට පවා දුවනවානේ නේද? 

ඉතින් හිතන්න, ඔබ මේ ආකාරයෙන් කොතරම් ලෙඩ නිසාවෙන් දුවනවාදැයි කියලා.