නුවණ මෙහෙයවා සිතන්න

  18 නොවැම්බර් 2015

ඔබ නැණවත් නම් "ඔබට වැරදිලා නැත්දැයි වැටහේවී... මේ සටහනේ තියෙන දේවල් ගැලපෙනවාදැයි නැත්දැයි වැටහේවි... ඉන්පසුව කල යුතු නිසි දේ කරගන්නට මුල්තැන ලබාදේවි"

ඔබට තව ජීවත් වන්නට තියෙන්නේ තව මොහොතක් වන්නට පුළුවන්... ඔබ දැනටමත් කායිකව රෝගී තත්වයෙන් පසුවෙනවා නම් "මම සුව වෙන්න ඕන... මම මරණය කල් දාගන්න ඕන... මට අනිවාර්යෙන්ම හොඳ වෙයි... මේ ලෙඩේ සුව වුණාම මම ඉස්සරටත් වැඩිය තරුණයෙක් වගේ ශක්තිමත්ව කටයුතු කරගන්නට හැකිවේවි" ආදී මේ හීන ලෝකයන්ගෙන් මිදෙන්න.

"මම සුව වෙන්නටත් පුළුවන්... නැති වෙන්නටත් පුළුවන්... ඒ නිසා මම කරගන්නට ඕන මේ දේවල් වලට ප්‍රතිකර්ම කරන ගමන් මම නැවත නැවත රෝගී වෙන්නට මුල් වෙන මේ ලෙඩ වෙච්ච සිත නීරෝගී කරගන්න එකමයි" ලෙසින් යථාර්ථය වටහාගෙන ප්‍රඥාවන්තව කටයුතු කරන්න!

කායිකව නීරෝගී වන්නට දුවන දිවිල්ල සිත නීරෝගී කරගන්නට දුවන්න... ඔබට හතිවැටීමක් අසහනයක් නොවේවි... උදේ ඉඳන් රෑ වෙනකම් ලෙඩ දුක් ගැන... බෙහෙත් ගැන... වෙදදැරන් ගැන කියවන කියැවිල්ල සත්ධර්ම ඇසුර ලබන්නට යොදාගන්න... සැබෑ රෝගයත් සෑබෑ ප්‍රතිකර්මයත් ගැන දැනගන්නට අවබෝධකරගන්නට සුවපත් වෙන්නට යොදාගන්න!

අවසාන වශයෙනුත් කියන්නට තියෙන්නේ;

තමනුත් රෝගාතුර වී අනුන්වත් රෝගාතුර කරන වසංගතයක් බවට පතනොවී ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට ඔය වටිනා මිනිස් ජීවිතය යොදාගන්නට කියලාමයි!

ඔබ සැමට තෙරුවණේ සැබෑ රැකවරණය ලැබී නිසි ලෙසින් ධර්මාවබෝධය ලැබී... අන්ධ බවින් මිදී... "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීකම උතුම් ලාභයයි" සහ "නිබ්බාණං පරමං සුඛං - නිවන පරම සුවයයි" නම්වූ සැබෑ නීරෝගීකමත් සැබෑ සුවයත් ලැබ සුවපත් වෙන්නට මේ ජීවිත කාලය තුලදීම හැකිවේවා!!!