පුදුම ලෙඩක්නේ නේද?

  18 නොවැම්බර් 2015

ඉතින් මෙන්න මේ විදියට සිතේ මොහොතක් මොහොතක් පාසා හටගන්නා කම්පාව ධර්මයට අනුව රෝගයයි.  ඔබේ සිතේ කම්පාව නැමැති රෝගය කොතරම්ද එතරම්ම ඔබට කායිකවද රෝග හටගන්නට අවස්ථාව තියෙනවා.  තිබෙන රෝගී තත්වයන් වැඩි වෙන්නට පවා මේ කියන "කම්පාවට පත්වීම" නැමැති රෝගය ප්‍රබලව හේතු වෙනවා. 

හිසරදයේ පටන්ගෙන පිළිකා, වකුගඩු, හෘදරෝග ආදී දරුණු යැයි සැළකෙන රෝග එකතුව  දක්වාම කම්පනය නම් රෝගය නිසාවෙන් විඳින පීඩාව රෝගයේ කායික පීඩාවට වඩා වැඩියි. 

බොහෝ අවස්ථාවලදී පිළිකාවක් වැනි රෝගී තත්වයක්, හදවත් රෝගයක් ආදී දෑ දැනගත්විට ඇතිවන කම්පනය නිසාම ඒ පුද්ගලයාගේ මරණය ඉක්මන් වනවා.  අන්න ඒ නිසා කායික රෝගයට වඩා බලවත් රෝගී තත්වය තමයි මෙසේ කම්පනයට පත්වන මානසිකත්වයකට හිමිකම් කීම. 

පිළිකාවකදී හෝ ඕනෑම රෝගයකදී තමන්ගේ රූපයේ ඇතිවන වෙනස්කම් හමුවේ බොහෝ දෙනෙක් කම්පා වෙනවා.  හිසකෙස් නැතිවීම හෝ වේවා ඇඟිල්ලක් අතක් පයක් අහිමි වීම හෝ වේවා ඇහැක් කණක් අහිමි වීම හෝ වේවා අභ්‍යන්තර ඉන්ද්‍රියක වෙනස්කමක් හමුවේ පවා කම්පාව කියන මානසික රෝගී තත්වය උත්සන්න වෙනවා.

හමුවන රූපයක් පාසා, ශබ්දයක් පාසා, ගන්ධයක් පාසා, රසයක් පාසා, ස්පර්ශයක් පාසා, සිතිවිල්ලක් පාසා කම්පනයට පත්වන මානසිකත්වය තමයි එයිනුත් ඔප්පු වෙන්නේ.  පත්තර ප්‍රවෘත්ති ආදී දෑ දකින මොහොතක් පාසාත් මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ ඇතිවන කම්පනය නම් රෝගයෙන් පෙලෙනවා.

ඉතින් මේ කම්පනය නම් ලෙඩේ නිසා කොතරම් කරදරයක්, අසහනයක්, පීඩාවක්, වේදනාවක්, බරක් උසුලාගෙන දුකක් විඳිනවාද?  ඉතින් මෙය යහපත් තත්වයක්ද?  කායිකව නීරෝගී යැයි සිතන ඔබට දැන් හිතෙනවාද ඔබ නීරෝගී කෙනෙක් කියලා? 