පෙර නොඇසූ විරූ දහම නුවණින් දැකගන්න

  18 නොවැම්බර් 2015

කයේ රෝගයන්ගෙන් නිදහස්වී සිටීම නීරෝගිකම ලෙසින් හඳුනාගැනීමට කිසිදු මහා ප්‍රඥාවක අවශ්‍යතාවයක් නැති බව නැණවත් ඔබට වැටහෙනවා ඇති නේද?  එහි ගැබ්වූ පෙර නොඇසූ විරූ දහමක් නොවන බවට බුද්ධිමත් ඔබට දැනෙනවා ඇති නේද? 

පෙර නොඇසූ විරූ දහමක් ඔබට නොලැබේ නම්... යම් දහමක් අසා ඔබට ඇසට පෙනෙන, කණට ඇසෙන, නාසයට, දිවට, කයට දැනෙන ප්‍රමාණයේ දැනුමකින්ම ලැබිය හැකි ආකාරයේ දැනුමක් ලැබෙනවා නම් ඒ තුල ගැබ්වූ බුදු දහමක් නොවන බව නැණවත් ඔබ විසින් සිහිපත් කරගත යුතුයි. 

ඉතින් මේ වන විට ඔබට විවිධාකාර රෝගාබාධයන් ඇති... ඒවායෙන් මිදී නීරෝගීමත් වන්නට ඔබට මහත් වූ අවශ්‍යතාවයක්ද ඇති... කායිකවත් මානසිකවත් වෙහෙසකර පීඩාකාරී තත්වයක්ම උදාකරදෙන වැඩපිළිවෙලක දැනටමත් නිරත වී සිටින ඔබටත් මතුවට ඒසේ නිරත වන්නට බලාපොරොත්තුවන ඔබටත් දැනටමත් විටින් විට ඒ වැඩපිලිවෙලේ නිරත වී වෙහෙසට පත්ව අත්දැකීම් ඇති ඔබටත් සිහි නුවණින් යුතුව යහපත සලසාගන්නට අවස්ථාවක් මෙසේ උදාකර දෙමි.  

එසේ නම් "නීරෝගීකම උතුම් ලාභයයි" ලෙසින් පැවසූ බුදු වදන තුල ගැබ්වූ ඒ පෙර නොඇසූ විරූ දහම සහිත තේරුම කුමක්දැයි විමසා බලන්නට සටහනේ ඉතිරිය වෙන් කරමු.