මාන්නය රෝගයකි!

  18 නොවැම්බර් 2015

ඇසට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ ආදියත් මේ සියල්ල හමුවේ කම්පනයට ලක්වෙමින් පාලනයකින් තොරව සැලෙන සිතත් හමුවේ සකස් වෙන්නේ මාන්නයක්මයි නේද?

"මම" ලෙසින් හැඟීම් ඇතිවූ විට "මමත්වය" සකස් වූ විට ඒ "මම" රැකගැනීමේ වැඩපිලිවෙල තුල තමයි මාන්නය සකස් වෙන්නේ.

මාන්නය නම් රෝගයෙන් පීඩා විඳින විට හදාගත්ත "මම" රැකගන්නට බොහෝ වෙහෙස වන්නට සිද්ධ වෙනවා.   සමහර පුද්ගලයින් තමන්ට කායික වශයෙන් රෝගයක් තියෙන බව පවා කියන්නට අකමැතියි.  ඉතින් නන් අයුරින් මාන්නය ඇති විට මහා පීඩාවක් දැනෙනවා. 

කායිකව නීරෝගී යැයි සිතන ඔබට දැන් හිතෙනවාද ඔබ නීරෝගී කෙනෙක් කියලා?  කායික රෝග වලට නම් ඔබට ඕනෑතරම් බෙහෙත් සපයාගන්නට හැකියි එහෙත් මේ කියන රෝගයන්ට බෙහෙත් අතිදුර්ලභ බව ඔබට දැනෙනවාද? 

ඔබට එය ලබාගැනීමට අවස්ථාව තිබියදීත් ඔබ මඟහරවාගන්නට බව ඔබට දැනෙනවාද?  අනේ එහෙම දැනෙනවා නම් ලොකු වාසනාවක්... දැන්වත් අප්‍රමාදීවන්නට උත්සාහ දරන්න...

ත්‍රිපිඨකය ඇසුරු කරන්නේ නම් හෝ මෙම කරුණු සහිත සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් කියවා බලන්නට කැමති නම් පහත පරිදි සූත්‍ර දේශනාව සොයාගත හැකියි.

සූත්‍ර පිටකය > සංයුත්ත නිකාය 4 (සළායතන වර්‍ගය) > 1.වේදනා සංයුත්තය > 19. ආසිවිස වග්ගය > 11. යවකලාපි සූත්‍රය  > පිටු අංක 384 - 389 (පී.ඩී.ෆ් පිටු අංක 409 - 414)