සියලු කැපවීම් කුමක් උදෙසාද?

  18 නොවැම්බර් 2015

අනේ, මේ දේවල් කලේම මරණය මොහොතකට හෝ කල් දමාගන්නට නොවේද?  තව අවුරුදු 10ක් 20ක් 30ක් 40ක්???? එහෙමත් නැතිනම් අවුරුද්දක් දෙකක් තුනක්???? එහෙමත් නැතිනම් මාසයක් දෙකක් තුනක්??? එහෙමත් නැතිනම් දවසක් දෙකක් තුනක්??? එහෙමත් නැතිනම් පැයක් දෙකක් තුනක්???

ඔබ ඔතරම් කාලයක් වෙහෙස වෙලා දුවලා දුවලා රෝගය සුවකරගත්තා කියමුකෝ... මරණය කල්දමාගත්තායැයි සිතමුකෝ... දැන් ඔබට ඇත්තටම මරණය කල්ගියාද?  ඔන්න දැන් නුවණින් විමසා බලන්න...

රෝගය සුවවෙලා ගෙදරට එන ඔබ, වාහනයකට හැපුනොත්? සතෙක් සර්පයෙක් කෑවොත්? රෝහලම හෝ වෙද ගෙදරම ඔබගේ හිසට කඩාගෙන වැටුනොත්? සුවවීම පිණිස ගත්තාවූ බෙහෙත්කම විස වුණොත්?  සුව වීම පිණිස සිදුකල ශෛල්‍යකර්මයේ අඩුපාඩු වුවහොත්? ගංවතුරකට සුළි සුළඟකට වැනි ස්වාභාවික විපතකට හසුවුණොත්? මැරෙන්න කොතරම් නම් ආකාර තියෙනවද නේද?  කායික රෝගීබව කියන්නේ මරණය ලබන එක ආකාරයක් පමණයිනේ...  ඉතින් ඔබ ඔය හැම ආකාරයකම මරණයෙන් බේරී ප්‍රායෝගිකව මරණය කල් දමාගන්නේ කොහොමද?

මේ සියලු කැපවීම් කලත් මරණයෙන් සඳහටම මිදීමක් නම් ඔබට නොවන බව ඔබට මොහොතකටවත් සිහිපත්වන්නේම නැතිද?

ඔබගේ ජීවිතයේ වැඩිම කාලයක් නීරෝගීබව උදෙසා කැපවන ඔබට අවස්ථාවක් ලැබුණහොත් මරණයෙන් සඳහටම නිදහස් වන්නට ඔබ ඒ අවස්ථාව ලබාගන්නවද?  සැබෑ නීරෝගීබව හඳුනාගෙන ඒ නීරෝගීබව ලබාගන්නට අවස්ථාවක් ලැබුනහොත් ඒ අවස්ථාව ඔබ ලබාගන්නවද?