කල යුතු නොකල යුතු කථාව

කල යුතු නොකල යුතු කථාව

අප මිනිසුන් වශයෙන් බොහෝ කථා වල යෙදෙනවා.  බොහෝම කලාතුරකින් තමයි මේ කියන දෑ කරන කථාවන් අපගේ ජීවිතයට වැදගත්ද නැත්ද කියලා සොයලා බලන්නේ.  ඉතින් භික්ෂුවක් වශයෙන් හෝ වේවා භික්ෂූණියක් වශයෙන් හෝ වේවා උපාසකයෙක් වශයෙන් හෝ වේවා උපාසිකාවක් වශයෙන් හෝ වේවා මේ සියලු සසර දුක් කෙලවර කරගැනීමට අංශු මාත්‍රයක හෝ කැමැත්තක් වුවමනාවක් තිබේ නම් ඒ දේ ප්‍රමාද කරන්නා වූ සියලු කරුණු අපට හැකි උපරිමයෙන් සොයා බලා තමන් තුල තිබේ නම් ඒවායෙන් මිදීමට කටයුතු කරගත යුතු වෙනවා.  මෙන්න මෙයම තමයි කල යුතු සාත්තුව වන්නේත්.  අන්න එවිට තමයි නිසි කල නිසි ලෙසින් නිසි පරිදි වූ මල් ඵලයන් ලැබෙන්නේ.  ඒ නිසාවෙන් බොහෝම විමර්ශනශීලිව කල යුතු නොකල යුතු දෑ ඇසුරු කල යුතු ඇසුරු නොකල යුතු දෑ ගැන විමසා බැලිය යුතුම වෙනවා. 

 

නිවනක් නැති කතා

මේ කොටස මූලික වන්නේ ආරම්භයේදීම කිව්වා සේ අප බොහෝ දෙනෙක් කියන කරන කථාවන් කීපයක් පිළිබදව ඒවායේ සුදුසු නුසුදුසු බව...

කථා 27ක්

හ්ම්! දැන් ඉතින් පෙනුමට නම් හරි වැඩක් තමයි වෙන්නේ.  මේ විදියට බැලුවොත් අපි බහුලව කරන කථාවන් බොහෝමයක් මේ කරන්න එපා...

දේශපාලන කථා

ඉතින් අපි මේ කථාවන් පිළිබදවත් ඇයි මේවා නොකල යුත්තේත් කියලා විමසා බලමු. රාජ කථා -  රජ්ජුරුවන් ගැන කරන කථාවන් කියලා...

නොයෙක් කථා

අන්න කථා - ආහාර ගැන කරන කථාවන්, පාන කථා -  පානයන් ගැන කරන කථාවන්, වස්ත්‍ර කථා - වස්ත්‍රයන් ගැන කරන කථාවන්, ශයන කථා...

තවත් කථා

පූර්වප්‍රේත කථා - පෙර ප්‍රේතයන් වූවන් ගැන කරන කථාවන් මෙතැනදී මට නම් හිතෙන්නේ මේ වගේ අදහසක්.  අප ධර්මය තුලත්...

ඇයි මේ කථා එපා?

ඉතින් ඇයි මේ එතකොට දේශපාලනය සම්බන්ධව, නැතිවේවි කියන භිය නිසා රැකගැනීම මුල්කරගෙන සේනා හදාගෙන යුද්ධ කිරීම සම්බන්ධව,...

උදාහරණයකින්

ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ.  අපේ රටේ ඉතිහාසයට අදාල සිංහල මහා වංශය වගේ පොත පත තියෙන්නේ.  දැන් ඉතින්...

ප්‍රලාඵයෙන් මිදීම

ඉතින් හිතලා බලන්න මේ මාතෘකා ටික සම්බන්ධයෙන් කථාව නැති වුනොත් අපගේ ජීවිත වලින් ප්‍රලාඵ කියන දස අකුසලය ඉවත් වෙන්නේ...

නොකර බැරිකොට

ඒ වගේම ගිහි පරිසරයක සිටින උපාසකයෙක් උපාසිකාවක් හැටියට ඔබට හිතෙනවා නම් අනේ මේ කථාවන්ගෙන් අපි කොහොමද මිදෙන්නේ කියලා...

සර්පයාගෙන් මිදීම

උදාහරණයකින් කියනවා නම් මේ වගේ අවස්ථාවට පත්වූ විට ඔබ හිතාගන්න ඔබව මහා විෂඝෝර සර්පයන් කීප දෙනෙක් වටකරගෙන ඉන්නවා...

කරමු කථා

අප්පිච්ඡ කථා කියන්නේ ආශාව කැමැත්ත අඩුවෙන කථාවන් ගැනයි.  තවත් විදියකට කියනවා නම් මේ කථාවන් තුලින් නැගී ඇති රාගයක් වේ...

මිදෙන කථා

අසංසග්ග කථා කියන්නේ නොඇලීම පිළිබද එකතු නොවීම පිළිබදව කථාවයි.  නොඇලීමේ ගුණය, මනසින් එකලාව හුදකලාව විසීමේ ගුණය පංච...

සිහියෙන් කථා

අවසාන වශයෙනුත් නැවත මතක් කරන්නේ අප යම් දෙයක් කථා කරන්න නම් ඒ ඒ මාතෘකා සම්බන්ධව සොයා බැලීම් කරනවා, ඒවා අත්දැකගන්නට...