ප්‍රතිරූපකයන් හමුවේ  කටයුතු

සම්බුදු ඔවදනට අනුව ප්‍රතිරූපක යැයි දැනෙන දහම් හමුවේ කටයුතු කල යුත්තේ කෙසේද?

සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් ලෝකයට පහලට වෙලා ලෝක සත්වයාට අනුකම්පාව පිණිස මේ ලෝකයේ යතාර්ථය කුමක්දැයි මුල මැද අඟ අඩුවක් නැතිවම පෙන්වා දෙනවා.  ඒ යථාර්ථය තෝරාගන්නට අදක්ෂ වූ කල සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වූ යථා දහම මෙය යැයි පවසමින් නොයෙක් ආකාරයේ පිරිස් දහමක් නොවන දෙයක්ම දහමක් ලෙසින් පෙන්වමින් ඉස්මතු වෙනවා. 

ඒ අය පවසන දේ තුල ලෝකයේ යථාර්තය ගැබ්වෙනන්නේ නෑ වගේම තමයි ඒ දහම් අනුගමනය කිරීම තුලින් නිවන් මඟ ප්‍රකට වෙන්නේත් නෑ... නිවීමක් ලැබෙන්නෙත් නෑ.  ඉතින් මෙවැනි විවිධාකාර මත දරාගත් පුද්ගලත්වයන් හමුවේ බොහෝ විට ප්‍රචණ්ඩකාරී හැසිරීමක් දක්වන්නට යම් යම් පිරිස් යොමුවෙනවා.  ඒ අය සමඟ තර්ක වාද කරමින් පරදවන අදහසින් යුතුව කටයුතු කරන්නට යොමුවෙනවා.  එහෙත් එය සම්බුදු ඔවදනද?

මේ කොටස තුල ත්‍රිපිටක සත්ධර්මයේ ගැබ්වෙලා තියෙන යම් යම් සූත්‍ර දේශනාද සහිතව, සම්මා සම්බුදු පියාණන්වහන්සේගෙන් ලැබූ මේ උතුම් ශාසනය තුල උන්වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් ලෙසින් කටයුතු කරමින් සම්බුදු ඔවදනට අනුවම ප්‍රතිරූපකයන් හමුවේ කටයුතු කරන ආකාරය විමසා විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙමු!  මේ සියලු වෑයම් සියලු ලෝ සතගේ නිවී සැනසීම පිණිසම වේවා!!!