මේ සත්ධර්ම මාර්ගය වඩන පිරිස වෙත සත්ධර්ම ශ්‍රවණය කොතරම් වැදගත්ද යන්න පහදා දෙන්නට වචන නම් මදි තරම්. ඉතින් මේ වැදගත්කම නිසාම සත්ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයා හෙවත් ඔබගේ මානසිකත්වය කෙලෙසකින් සකස් විය යුතුද යන්න හදුනාගැනීම සැබැවින්ම වැදගත් වෙනවා.
එසේ නම් ඒ සෑම දෙයක්ම සොයා බලා, උතුම් සම්බුදු ඔවදන හැඳින, එයට ගරු කරමින් සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ සැබෑම ශ්‍රාවකයෙක් වීමට මේ කොටසේ ගොනු වන දහම් විග්‍රහයන් ඔබට උපකාරයක්ම වේවා! නිවැරදිව සත්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඔබතුල සකසා ගත යුතු ගුණාංගයන් විමසා බලා නිවන් මඟ කළ එළි කරගෙන උතුම් නිවනේ සුවය ලබන්නට ඔබ සැමටද හැකිවෙත්වා!!!
(සැ.යු: මෙහිදී ත්‍රිපිටක සත්ධර්මය තුල පෙන්වා දෙන කාරණා ගැබ්වන පරිදි මා විසින් සටහන් තබන ලද ලිපි එකතුවක්ද ඇතුලත් කරන්නේ ගත හැකි යමක් වේ නම් යහපත උදාකරගැනීම පිණිසමයි! එයට අමතරව සූත්‍ර දේශනා ඇසුරෙන් මේ මාතෘකාවට අදාල දහම් කොටස් මෙහි ගොනු කරන්නට අවස්ථාව ලැබෙන පරිදි කටයුතු කරන්නෙමි. සියලු වෑයම් බොහෝ සිත් සතන් නිවාලීම පිණිසම හේතු උපකාරවෙත්වා!!!)
මීළඟ පිටුවට
සත්ධර්මය දේශනයේදී කටයුතු