උත්තරීතර මහා ප්‍රාඥ සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් තුන්කල දකින නුවණින් ශාසන පරිහාණිය දුටු සේක! සත්ධර්මය යටපත් වී, විනාශ වී, අතුරුදහන්වන ආකාරය දුටු සේක!
මේ ආකාරයන් සිදුවන විනාශය හෙවත් ඵලය දුටුවා පමණක් නොවේ, එවන් විනාශයක් / පරිහාණියක් / සත්ධර්මය අතුරුදහන්වීමක් යන ඵලය ලැබීම පිණිස හේතුවන කාරණාද දුටු සේක!
හේතුවත් ඵලයත් පමණක් නොව ඒ හේතුවත් ඵලයත් නිරෝධයෙන් කටයුතු කරගත යුතු ආකාරයත් පෙන්වා දුන් සේක!!!
ඒ ඒ උතුම් සත්ධර්මය ඇසුරු කරන මොහොතක් පාසා ඒ උතුම් ශාස්තෘන්වහන්සේ ඇතුලු අනන්ත ගණනින් පහළ වූ... පහළ වන.. පහළ වන්නට නියමිත සම්මා සම්බුද්ධ රත්නයටමයි නමස්කාරය වන්නේ!!! ඒ හේතු ඵල මැනවින් දක්වා හේතු ඵල නිරෝධ කරගන්න ක්‍රමයද අඩුපාඩු නැතිවම ඇති චතුරාර්ය සත්‍ය නම් වූ සූත්‍රයත්, හේතු ඵල දහම නැමති ධර්මයත්, ඒ දේ නුවණින් අවබෝධ කරගන්නා මොහොතක් පාසා සිදුවන රාග, ද්වේශ, මෝහ ගිනි නිවීමේ විනයත් ඇති ඒ උතුම් යථාවත් සත්ධර්ම රත්නයටමයි නමස්කාරය වන්නේ!!! මෙවන් වූ ගැඹුරක් අත්දකින්නාවූ, මෙවන් වූ සුවයක් ලබන්නාවූ සමඟියෙන් සතුටෙන් සැනසීමෙන් මොහොතක් පාසා නිවීමේ සුවයෙන් ගත කලාවූ, ගත කරන්නාවූ, අනාගතයේදීද පහල වන්නාවූ ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නයටමයි නමස්කාරය වන්නේ!!!
ශාසනය පරිහාණියට පත් වන බව දුටු විට එය රැකගැනීමට කටයුතු කල යුතුයැයි සිතීම සාමාන්‍ය දෙයක්. එහෙත් එය සම්බුදු ඔවදනට අනුවම කරන්නේ නම් පමණයි ඒ කටයුතු තුලින් ශාසනය රැකෙන්නේ. නැතහොත් සිදුවන්නේ ශාසනය අතුරුදහන් කිරිමට, පරිහාණියට පත්කිරීමට තමන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්වම දායක වීමයි. අන්න ඒ නිසාම, මෙකල බහුලවෙමින් පවතින ශාසන පරිහාණිය හඳුනාගෙන, ශාසනය රැකෙන සත්ධර්මය නිසි ලෙසින් රැකගන්නට හැකි ක්‍රමය හඳුනාගෙන උතුම් සම්බුදු ඔවදනට ගරුකොට නිවී සැනසීම පිණිස මේ දහම් විග්‍රහයන් සහිත කොටස බොහෝ සත වෙත හේතු උපකාර වෙත්වා!!! සම්බුදු ඔවදනට ගරු නොකරන සිතක් සම්බුදු ශාසනය කෙසේ නම් රැකගන්නදැයි ප්‍රඥාවන්තව විමසා බලත්වා!!!
මේ සියලු දේ තමනුත් අනතුරෙන් බේරී ඒ අනතුරට පත්ව ඇති තවත් බොහෝ පිරිසක් වේ නම් හැකි නම් ගලවාගන්නට කටයුතු කරමින්, ගලවාගත නොහැකිසේම ශාසනය විනාශ කරන පිරිසට එකතුව ඇත්නම්... සම්බුදු ඔවදනට ගරු නොකොට කටයුතු කරන බවක් පෙනේ නම්... ඔවුන්ගෙන් ඉවත්ව තම තමන්ගේ නිවන් මඟ පාදා ගැනීමට අප්‍රමාදී වෙත්වා!!!
පෙර පිටුවට
වාදයන් හමුවේ කටයුතු
මීළඟ පිටුවට
ප්රතිරූපකයන් හමුවේ කටයුතු