“නිර්වාණ ධර්ම“ ප්‍රචාරක චලන රූ

“නිර්වාණ ධර්ම“ ප්‍රචාරක චලන රූ

මේ කොටසේ එකතු වෙන්නේ “නිර්වාණ ධර්ම“ ප්‍රචාරක චලන රූ පෙලකි.  හරියට චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් එන්නට පෙර ඒ ගැන දැනුම් දෙනවා වගේ නිර්වාණ ධර්ම විශේෂ අවස්ථා දැනුම් දෙන්නට පෙර සූදානම  පෙන්වන චලන රූ තමයි මේ.  ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ධර්මයට මොකටද මේවා කියලා.  ඒත් මම හිතන්නේ දැවෙන්න පොරකන්න ඇලෙන්න බැදෙන්න කරන දෙයක් ඒ දේවලින් මිදෙන්නට හැකි පැත්තට යොදාගන්නට හැකි නම් එයින් සිදුවන්නේ යහපතක්ම බවයි.  ඒ නිසා දහම් ප්‍රචාරය නිසි ලෙසින් යහපත උදෙසාම කරමු.  රාගයෙන් දැවෙන්නට පෙර දැනුම් දෙන ප්‍රචාරක එනවා නම් රාගයෙන් නිවෙන්නටත් හැකි බව පෙන්වන දෑත් ටිකක් ප්‍රචාරය වුනාවේ... එහෙම හොදයි නේද?  එහෙනම් තෙරුවන් සරණ ලැබ නිසි ලෙසින් ඇසුරු කරමින් මේ සෑම දෙයකින්ම නිසි ඵල නෙලාගන්නට උත්සාහවන්තවන්න!