විවාදයේදී උපදින දහම් කවරෙක්ද?

  10 අප්‍රේල් 2018

එහෙනම් බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නාවූ මේ කරුණු මොනවද?

මුඛයෙන් වචන භාවිතා කරගනිමින් කලහ විවාද, තර්ක වාද කරගන්න විට උපදින්නේ, භාවිතා කරන්නේ, බහුලව භාවිතා කරන්නේ කුමන විතර්කයන්ද?  කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මෙන්න මේ විතර්කයන් තමයි බහුල කරන්නේ.  තවත් ආකාරයකට කියනවා නම් මිච්ඡා සංකප්පය, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත කියන්නාවූ ධර්මතාවයන්මයි තමන් තුල නැගෙන්නට, වැඩෙන්නට ඉඩ හැරලා තියෙන්නේ. 

මේ වෙලාවට මඟ හැරිලා, නොවැඩී තියෙන්නේ කුමන කාරණාද යන්නත් බුදු හිමියන් පෙන්වා දෙනවා.  නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්කඅවිහිංසා විතර්ක කියන්නාවූ නිවීම පිණිස වූ සම්මා සංකප්පයසම්මා වාචාවසම්මා කම්මන්තය මඟ හැරිලා තියෙනවා.

නෙක්ඛම්ම විතර්කය කියන්නේ කෙලෙසුන් දුරුකිරීමේ විතර්කයයි.  අව්‍යාපාද විතර්කය කියන්නේ මට අවැඩක් කලාය, මට හිතවත් දේට අවැඩක් කලාය, ආදී වශයෙන් නව විධ ආගාධ වස්තූන්ගේ පෙන්වා දුන්නාවූ කාරණා ඇතිව සිතේ ඇතිවන ගැටීම, අසහනය, තරහා, ක්‍රෝධය, ද්වේශය බැසගත් නපුරු වූ විතර්කයන්ගෙන් තොර වූ බවයි.  තමන්ටත් අනුන්ටත් හිංසාවක් පිණිසම වූ අදහස් නොමැති ස්වභාවය සහිත වූ අවිහිංසා විතර්කයන් මේ සමඟ බැඳී පවතිනවා. 

ඉතින් සරලවම මේ අවස්ථාවේදී බැහැර වෙලා තියෙන මේ නිවීමේ මඟ හඳුනාගන්නට දක්ෂ විය යුතුයි.  නැතිනම් අලාභය තමන්ටමයි.