බුදු රඳුන් නොවඩින්නේ කිම?

  10 අප්‍රේල් 2018

උතුම් සම්මා සම්බුදුපියාණන්වහන්සේ විසින් විටෙක මෙසේ පෙන්වා දෙනවා... කලහ විවාද පටන්ගෙන, තම තමන්ගේ මුඛය නමැති ආයුධවලින් ඇන කොටා ගනිමින් වාසය කරන භික්ෂූන්වහන්සේලා සිටින්නාවූ ඒ දිශාවවත් සිහිකිරීම අපහසු බවත්... ඒ දිශාවට යෑම ගැන කවර කතාදැයි අසනවා...  අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම්, නොගැලපෙන කාරණයක් සිද්ධ වෙන පැත්තවත් බලන්න කැමති නෑ... එහි යෑම ගැන කවර කතාද? කියලා අහන වෙලාවල් තියෙන්නේ... අන්න ඒ වගේ...  

සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 1 < තික නිපාත < තතිය පණ්ණාසකය < 13. කුසිනාරා වග්ගය < 02. භණ්ඩනජාත සූත්‍රය (දුතිය සූත්‍රය) < ග්‍රන්ථයේ පිටුව 496 (PDF පිටුව 534)

කාරණය පැහැදිලියිනේ නේද?  වැඩි විස්තර අවශ්‍ය කරන්නේ නෑනේ නේද?  බුදු හිමියන් තර්ක වාද විවාද කරගන්නා පිරිස කෙරෙහි දැරූ අදහස මේ පුංචි වැකියෙන්ම පැහැදිලි වෙනවා.  එහෙනම් බුදු රඳුන් අනුමත මඟකද තම තමන් ගමන් කරන්නේ යන්න විමසා බලන්නට මෙය උපකාර කරගන්නට අපට මේ මොහොතේම හැකියාවක් තිබෙනවා.