දන්නා දෑහි නොදන්නා දෑ විමසමු

මේ කොටස තුලින් පෙන්වන සෑම කරුණක්ම ඉතාමත් හොඳින් තම තම නැණ පමණින් විමසා ඒවායෙන් තම තමන්ගේ දියුණුව උදාකරගැනීමට බුද්ධිමත් ඔබට භාරයි. ඔන්න හොඳින්ම මතක තියාගන්නට ඕන මේ හැම දෙයක්ම මගේ නැණ පමණින් මට ගැලපෙනවායි කියලා හිතුන දේවල් පමණයි. මේවා මෙසේමයි කියලා ස්ථිර නිගමනයක් දෙන්නට මම අද්භූත බලයක් තියෙන කෙනෙක්වත් විශේෂ ඥානයක් තියෙන උසස් පුද්ගලයෙක්වත් නෙවෙයි. ඒත් එහෙම විශේෂ ඥානයන් තියෙනවා කියලා මට පිළිගන්නට හැකියාවක් තියෙන කළණ මිතුරු ඇසුර තුලින් දැනගන්නට යෙදුන කරුණු එකතුවක් තමයි මේ ගොනු කරන්නේ. නැණවත්ව යහපත ලැබීමට පමණයි!