සසර පැවැත්ම


මෙහි එකතු වී ඇති ලිපි පෙල තුල විග්‍රහ වන්නේ මේ සසර පැවැත්ම තුල ඔබ නොදන්නා දේ තෝරාගැනීම පිණිස උපකාර වන කරුණු කාරණා සමූහයකි. මෙතෙක් කතා කල දහම අවබෝධය පිණිස අප්‍රමාදී විය යුත්තේ ඇයිදැයි සිතා බැලීමට යොමු වන්නට මේ සියලු දෑ උපකාරයක්ම වේවා! ඔබ සසර පැවැත්ම තුල සුවයක් දකිනවා ඇති. එහි වරදක් නෑ. සුරංගනා කතා යැයි විශ්වාස කරගෙන සිටින සසර පැවැත්ම තුල පවතින වැදගත් අවස්ථා කිහිපයක්ම නුවණින් විමසමින් ප්‍රඥාවන්තව තෝරාගන්නට අවස්ථාව මේ කොටස තුල එකතු කරන්නම්. හැමදාම වගේ තීරණය ඔබේ අතේමයි... ඒ තීරණය ප්‍රඥාවන්තව ගැනීම උදෙසා කරුණු සැපයීම පමණයි මා විසින් සිදුකරන්නේ. ඉතින් ලෞකික වශයෙන් පමණක්ම දියුණුවක් ලබාගෙන දස අකුසලයේ නිරත වෙමින් නිවීමක් ගැන සිතන්නේ නැතිව ධර්මයක් ගැන උනන්දු වන්නේ නැතිව තවත් ටික කාලයක් මේ සසර පැවැත්ම තුල පැවතුනාට කමක් නෑය කියලා සිතෙන ඔබ වෙනුවෙන් ඒ තීරණය ගැන නැවත සිතා බැලීම පිණිස මේ ලිපි පෙල උපකාර කරගැනීමට ඔබ බුද්ධිමත්වනු ඇතැයි මා සිතමි!