බුදු ඔවදනට ගරු කරමු!

  10 අප්‍රේල් 2018

ඉතින්, තමන්ගෙන් අහන්න! 

බුදු පියාණන්වහන්සේ ඔය සිත්වලට වැඩම කරගන්නට කැමතිද?  එහෙනම් බුදු පියාණන්වහන්සේ වැඩම කරන්නේ තර්කවාද කලහ විවාද  නොකරගන්නා සමඟිය අගයන සිත් වලටයි.  නිවෙන සිත් වලටයි. 

එසේ නම් ගිහි හෝ වේවා පැවදි හෝ වේවා බුදු වදනට අනුගත වෙන්නට අපට නොහැකි නම් අප ශාසනය විනාශ කරන්නෙක්ම වෙනවා මිසක් ශාසනිකයෙක් වෙන්නේ නෑ. බුදු පියාණන්වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් වෙන්නේ නෑ. 

බුදු පියාණන්වහන්සේගේ සත්ධර්මය සිතට දැනුනා නම් උන්වහන්සේ අනුමත නොකල තර්ක වාදයන්ට එළඹෙන්නේම නෑ.  සමඟියෙන් පෙන්වා දෙන්නට හැකි දෙයක් වේ නම් පෙන්වා දෙනවා, නොහැකි නම් තමන්ගේ පාඩුවේ නිවන් මඟම ප්‍රකට කරමින් බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කරනවා. 

අන්න ඒ නිසා පුංචි හෝ අගය කල යුතු කාරණයක් වේ නම් එයම අගය කරන්නට යොමුවෙමින්, තමන් හුවා නොදක්වන... අනුන් හෙළා නොදක්වන උතුම් බුදු මඟ ගමන් කරනා සැබෑම අවංක ශ්‍රාවකයෙක්වන්නට, නිවී සැනසෙන සිතක් ලබාගන්නට අද අදම මේ මොහොතේම අදිටන් කරගන්නට ප්‍රඥාවන්තවන්න!  සියලු ලෝක සියලු සත්වයෝ තෙරුවන් සරණ ලැබ නිවී සැනසෙත්වා!!!