වාසි ලබන්නෝ
03 ඔක්තෝබර් 2015
“නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතිය තුලින් ඵල නෙලාගත හැකි පිරිස...
කෙටියෙන්ම කියෙනවා නම්, නිර්වාණය සොයන... සැබෑම සතුට සොයන... මානසික සුවය සහනය සාමය පතන... අවංකවම ගැඹුරු සත්ධර්මය සොයන... පිරිසිදු බුදු දහමෙන් පෝෂණය ලබන්නට සිතන ඕනෑම කෙනෙකුට දිය හැකි උපරිමය අපට හැකි පමණින් ලබා දෙන්නට අප උපරිමයෙන්ම උත්සාහ දරනවා!!! ඒ නිසා ඔබටත් ඒ අය අතුරින් කෙනෙකු වීමට ඕනෑතරම් අවස්ථාව තිබෙනවා...
- ධර්මයේ සුවය ලබන්නට හැකි වයස් මට්ටමක සිටින කුඩා දරුවන්ට
- ආශ්වාද කාලයේ සුව ලබන්නට යොමුවන නව යොවුන් වයසේ තරුණ තරුණියන්ට
- ආදීනව කාලය ලබන්නට පටන්ගත්තාවූ මැදිවයසේ පිරිස වෙතට
- ජීවිතයේ සැදෑ සමය ගත කරන වැඩිහිටි පාර්ශවයට
- බිහිරි, අන්ධ ආදී ප්‍රජාව සහ අනෙකුත් ආබාධ සහිත ප්‍රජාව වෙතට
- අනෙකුත් ගෞරවණීය ආගම් පිළිපදින්නාවූ අන්‍යආගමික හිතවතුන්ට
- නන් අදහස් ඇති විවිධාකාර විශ්වාසයන් රැගත් අනෙකුත් මිනිසුන් වෙතට
- උතුම් චීවරය දරන්නාවූ භික්ෂූ භික්ෂූණී දෙපාර්ශවය වෙතට
- නිර්වාණය ලැබීම පිණිස උතුම් ආර්ය මාර්ගයට පිළිපන් උපාසක උපාසිකා පිරිසට
- ගැඹුරු පිරිසිදු සත්ධර්මය සොයමින් ලක්බිම සිසාරන විජාතික මිනිසුන් වෙතට
විවෘත මනසකින් විමසන විමර්ශණ ශක්තිය ඇති සැබෑම බුද්ධිමත් මිනිසුන් සැමට “නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතියේ සෙත නොඅඩුව සැලසෙන බව අත්දැකීමෙන්ම දැනගැනීමට ඔබටද අවස්ථාව තිබේ!