ලැබෙන වාසි
30 සැප්තැම්බර් 2015
නිර්වාණ ධර්ම සමග රැදී සිටීමේ වාසි...
ලාභය වාසිය නිසි ඵලය කුමක්දැයි දැනගැනීමට නම් ඔබ විසින් මේ බෙදා ගන්නා සත්ධර්මය නිසි ලෙසින් පුරුදු පුහුණු කල යුතු වන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑනේ නේද? ඉතින් “නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතිය ඔබගේ ඒ සත්ධර්ම මාර්ගය මං මුලා නොවී යන්නට බාධක අවම කරගෙන යන්නට දිය හැකි උපරිම උපකාරය උපනිශ්‍රය ලබාදෙන්නට හැකි උපරිමයෙන් කටයුතු කරන්නේ දහම් මග නිසි ලෙසින් ජයගැනීමට ඒ උපකාරය අවශ්‍ය නිසාමයි...
ඉතින් නිසි ලෙසින් සම්මා සම්බුදු හිමියන් පෙන්වා දුන් ඒ නිර්වාණ ධර්ම ඇසුර ලබමින් ප්‍රඥාව පූර්ණයට පත්කරගැනීමට කැපවන්නේ නම්...
- මොහොතක් පාසා සැබෑ සතුට
- දියුණුවට පත්වන ස්ථානෝචිත ප්‍රඥාව
- තරහාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තොර ජීවන රටාව
- එදිනෙදා ජීවිතයේ සෑම ආකාරයකම ගැටලු සදහා ප්‍රායෝගික විසදුම්
- ජීවිතයට වඩ වඩා කරුණාවත් මනුස්සකමත් ලැබීම
- ත්‍යාගශීලිබව වර්ධනය වීම
- අන් අයගේ මතයන්ට අදහස් වලට ගරු කරන සියලු සතට ප්‍රියජනක පුද්ගලයෙක් බවට පත්වීම
- සෑබෑම විද්‍යාඥයෙක් බවට පත්වී සැබෑම විද්‍යාව අත්දැකගැනීමට තමන්ටම හැකිවීම
- සැබෑම මනෝ වෛද්‍යවරයෙකු බවට පත්වී තමන්ගේත් තවත් බොහෝ දෙනෙකුගේ මනෝභාවයන් සුවපත් කරගැනීමට හැකිවීම
- තමන්ගේම මන හොදින් හදුනාගෙන තමන්ගේම සිතේ සැබෑම මිතුරෙකු බවට පත්වීමට හැකිවීම
- තමන් තුල පෙර නොඇසූ විරූ නොදුටු විරූ බොහෝ දෑ අත්දකිමින් තමන්වම අවබෝධ කරගැනීමට හැකිවීම
- “මම“ යන්නෙහි සැබෑම අර්ථය හැදින “මම කව්ද?“ යන්නට සැබෑම පිලිතුරක් ලබාගැනීමට හැකිවීම
- හේතු අනුව පහල වන ලෝකයේ සියලු දෑ කෙරෙහි පෙර නොතිබූ විරූ අවබෝධයකට පත්වීමට හැකිවීම
- නිර්වාණය පිණිසම වන ගැඹුරු සුපිරිසිදු සම්මා සම්බුදු වදන රැගත් සැබෑම සත්ධර්මය හදුනාගැනීමට හැකිවීම
- සම්මා සම්බුදු පියාණන්වහන්සේ නිසි ලෙසින් දැකගන්නට හැකිවීම
ආදී මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකි තරමේ ලාභයක් වාසියක් ප්‍රයෝජනයක් මේ වෑයම තුලින් නිසි ඵල ලබන්නේ නම් ඔබට නිසැකවම ලැබේවි!