ප්‍ර‍කාශන අයිතීන් උදෙසා

තමන් ඉතාමත් වෙහෙස මහන්සි වී මුදල් වැය කරමින් නිර්මාණය කරන්නට යෙදුන තමන්ගේ අපූරු ඡායාරූප, වීඩියෝ, සංගීත ආදී නොයෙක් නිර්මාණයන් මේ වෙබ් අඩවියේ භාවිතා වීම තුලින් තම තමන්ගේ ප්‍ර‍කාශන අයිතීන්ට හානිවූවේ යැයි හෝ බුද්ධිමය දේපල සොරාකෑමක් සිදුවූවේ යැයි හෝ අංශු මාත්‍ර‍ වශයෙන් හෝ දැනේ නම් මේ කොටස කියවා බලා නිසි ප්‍ර‍තිචාර දක්වන මෙන් මෙත් සිතින් ඉල්ලා සිටිමි!

ප්‍ර‍කාශන අයිතීන් උදෙසා

  01 ජනවාරි 2012

මෙම වෙබ් අඩවියේ ඇති පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන, සංගීත ආදී නිර්මාණයන්ගේ අයිතිය සමබන්ධවයි!

මෙම වෙබ් අඩවියේ නොයෙක් පිටු තුල ඇති සටහන් තවත් අර්ථවත් කිරීම පිණිස නොයෙක් අවස්ථාවල නොයෙක් පින්තූර, ඡායරූප, වීඩීයෝ දර්ශන ආදිය යොදාගෙන තිබේ.

ඒ බොහෝමයක් ඡායාරූප, වීඩියෝ, සංගීත ආදී නොයෙක් නිර්මාණයන් මා විසින් ලබාගත්තේ www.google.lk වෙබ් අඩවියේ සොයාගැනීම් අංශය තුලිනි.

ඉතින් එම පින්තූර ලබාගැනීමේදී මා විසින් යම් නිතීයක් නොදැනුවත්ව හෝ උල්ලංඝණය වී තිබේ නම් මා වෙත කාරුණිකව දන්වා ඒවා ඉවත් කරගැනීමට කටයුතු කරන මෙන් හෝ 
ඔබේ නම සඳහන් කොට ඒවා පල කිරීම වැදගත් යැයි සිතේ නම් ඒ බව හෝ දන්වා සිටින මෙන් එම ඡායාරූප, වීඩියෝ, සංගීත ආදී නොයෙක් නිර්මාණයන්ගේ හිමිකරුවන්ට මෙත් සිතින් දන්වා සිටිමි.

මෙම වෙබ් අඩවිය ආර්ථික ලාභ ප්‍රයෝජනය පිණිස හෝ පෞද්ගලික ලාභ, කීර්ති, ප්‍රශංසා පිණිස නිර්මාණය වූවක් නොවන බැවිනුත් සැමගේ හිත සුව පිණිස අර්ථවත් සත්ධර්මය බෙදා හදාගැනීමට නිර්මාණය කරන ලද්දක් බැවිනුත් එම ඡායාරූප, වීඩියෝ, සංගීත ආදී නොයෙක් නිර්මාණයන් ආදියේ හිමිකරුවෙකු වන ඔබගේ කාරුණික දායකත්වය මෙම ධර්ම දානය පිණිසම හේතු වන අතර ඒ පුණ්‍ය කුසල ආශිර්වාදයේ බලයෙන් සියලු දුක් ගිනි නිවා දමා සැබෑ සතුට හිමි කරගෙන සැනසීමට පත්වේවායි මෙත් සිතින් සෙත් පතමි!

තෙරුවන් සරණින් සියලු දුකෙන් මිදෙත්වා! යහපතක් අභිවෘද්ධියක්ම වෙත්වා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා