ගමන් මඟ

නිර්වාණ ධර්ම දහම් ව්‍යාපෘතියට දැන් වසර 6ක් පමණ වෙනවා... මෙහි අන්තර්ගතයට සෘජුවම අපගේ නිවන් මඟ කටයුතු එකතු වෙනවා... මෙය හුදෙක් දහම් පද පරම කොටගෙන සිද්ධාන්ත පමණක් සිතැතිව බෞද්ධයින් ගණන වැඩි කරගැනීමට හෝ බුදු දහමේ සිද්ධාන්තයන් සහ දත්තයන් ඉගෙන ගැනීමට හෝ සැකසූ දහම් අධ්‍යාපනික වෙබ් අඩවියක් නම් නොවේ. මෙය අවංක ලෙසින්ම පිරිසිදු ගැඹුරු බුදු දහම තුලින් ප්‍ර‍ඥාව පූර්ණය කරගැනීම පිණිසමයි! මෙහි ගමන් මඟ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙය සිදුකරන අපගේත් මින් ඵල ලබන ඔබගේත් හදවත් දහමෙන් පෝෂණය වන තරමින්මයි...

ගමන් මඟ

  03 ඔක්තෝබර් 2015

2009 වර්ෂයේදී;

කැළණිය ප්‍රදේශයේ රජිතා විදුරන්සි සහ චන්ද්‍ර‍ශාන්ත් ප්‍ර‍නාන්දු විසින් “නිර්වාණ ධර්ම“ සඳහම් සත්කාරය ආරම්භ කලේ 2009 වර්ෂයේදීය.  මෙම දහම් ව්‍යාපෘතිය, අන්තර්ජාලය සහ සජීවි ලෙසින් සිදුකරන සඳහම් කටයුතු ලෙසින් කොටස් දෙකකට බෙදා උතුම් සත්ධර්මය නන් අයුරින් විවර කරන්නට කටයුතු කරයි. 

“නිර්වාණ ධර්ම“ අන්තර්ජාල දහම් කටයුතු වල මුල් පියවර 2009 වර්ෂයේදී “නිර්වාණ ධර්ම බ්ලොග් අඩවිය“ ඔස්සේ “buddhism4nirvana” යන නමින් ආරම්භ විය.  ඉතාමත් සරල බ්ලොග් අඩවියකින් ආරම්භ වූ “නිර්වාණ ධර්ම“ සඳහම් සත්කාරයේ දහම් කටයුතු මේ වන විට බොහෝ සිත් සතන් සුවපත් කරමින් අන්තර්ජාලය සහ සජීවි දහම් අත්දැකීම් ලෙසින් නන් අයුරින් විහිදී පැතිරී ඇත. 

2010 වර්ෂයේදී;

www.nirvanadhamma.com ලෙසින් “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය ලොවට ලබාදුන්නේ 2012 වර්ෂයේදීයි.

2011 වර්ෂයේදී;

“නිර්වාණ ධර්ම“ සඳහම් සත්කාරයට මඳකට විරාමයක් දී තම තමන්ගේ අධ්‍යාත්මික කටයුතු වඩ වඩාත් දියුණු කරගැනීමට මුල්තැනදී කටයුතු කරන්නට මේ දහම් ව්‍යාපෘතියට මුල්වූවන් කටයුතු කරන්නට යෙදුනා.

2012 වර්ෂයේදී;

අධ්‍යාත්මික අත්දැකීමෙන් ඔස්සේ ලැබූ ගැඹුරු දහම් කරුණු සහ නව පෙනුමක්ද දහම් ඇසුර පහසුවෙන් ලැබීම පිණිස තවත් බොහෝ දෑද සහිතව නිර්වාණ ධර්ම වෙබ් අඩවිය නැවතත් ලෝ සත වෙත ලබා දෙන්නට කටයුතු කලා. 

2013 වර්ෂයේදී;

ත්‍රිපිටක සූචියක් සහිතව ත්‍රිපිටකය ඇසුරු කරන්නට අවස්ථාව සලසා දෙමින් “නිර්වාණ ධර්ම“ ත්‍රිපිටක ඇසුර කොටස එකතු කරන්නට 2013 වර්ෂයේදී හැකිවුණා.  වඩාත් පහසුවෙන් ත්‍රිපිටක ඇසුර ලබන්නට තව තවත් වැඩිදියුණු වෙමින් මේ වන විට පවතිනවා. 

2014 වර්ෂයේදී;

ලෝකයේ බිහිරි ප්‍ර‍ජාව වෙත බුදු දහම පිළිබඳව තම තමන්ගේ සංඥා භාෂාවන්ගෙන් දැනුවත් වෙන්නට අන්තර්ජාල අත්දැකීමක් ප්‍ර‍ථම වරට ලබාදෙන අතරම “අහන්න (listen) වීඩියෝ නිශ්පාදනාගාරය“ සමඟ එකට එකතුව සමස්ථ ශ්‍රී ලාංකික බිහිරි ප්‍ර‍ජාව වෙත සංඥා භාෂාවෙන් බුදු දහම පූර්ණ ලෙසින් ලබාදීමට ලක්බිම ප්‍ර‍ථම වරට කටයුතු කරන්නට“නිර්වාණ ධර්ම“ සඳහම් සත්කාරයට හැකිවුණා.  එයට සමගාමීව සජීවිව සිදුකරන දහම් ප්‍ර‍චාරයේ කොටසක් ලෙසින් ලක්බිම පුරාවට බිහිරි ප්‍ර‍ජාව උදෙසාම වෙන්වූ සඳහම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපට හැකිවුණා.   

2015 වර්ෂයේදී;

බුදු දහමින් පෝෂණය වන බිහිරි ප්‍ර‍ජාව උදෙසා තව තවත් සඳහම් ඇසුර ලැබගැනීමට හැකියාව ලබාදීමේ අරමුණින් යුතුව “නිර්වාණ ධර්ම“ දහම් වෙබ් අඩවියට සමගාමී කොටසක් වශයෙන් “සංඥා භාෂාවෙන් සඳහම්“ කොටස නියෝජනය පිණිස  www.signlanguages-nirvanadhamma.com හඳුන්වාදෙනු ලැබුවා. 

එමෙන්ම “නිර්වාණ ධර්ම“ සඳහම් ව්‍යාපෘතිය තව තවත් ගැඹුරු පිරිසිදු සත්ධර්මය විවර කරමින් බබලවන අදහස් ඇතිව නව මුහුණවරකින් නැවත බොහෝ සිත් සතන් සුවපත් කරනු වස් කටයුතු සම්පාදනය කිරීම ආරම්භ කරන්නට යෙදුනා. 

ප්‍ර‍ධාන “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද හැකි උපරිමයෙන් වැඩි දියුණු වෙමින් ගැඹුරු පිරිසිදු සත්ධර්මය බෙදන්නට කැපවූ ලෙසින්ම ඉන්දියානු සඳහම් සිතැති පිරිස වෙත හින්දි භාෂාවෙන්ද සත්ධර්මය ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. 

 

2015 වර්ෂය වන විට නිල වෙබ් අඩවියේ අන්තර්ජාල දත්ත වාර්ථා;

www.nirvanadhamma.com - 5 years old,

Alexa Rank:    Global Rank - #1,992,307       in the world,

Primary Traffic:           United States (Alexa Rank #7,645 in United States)

Load Time:      1.25 Seconds (Faster than 64% of sites)

Google's Pagerank:        (1/10),

SEO Score:     60.5%.

Child Safety:   100%

IP address is 212.227.249.119

Server is hosted: @ United Kingdom.