නිර්මාණකරණය
30 සැප්තැම්බර් 2015
මෙම වෙබ් අඩවියේ කොඳු නාරටිය සේ කටයුතු කරන්නේ සුරංග රූපසිංහ නම් වූ අපේගේ කළණ මිතුරායි... අවශ්‍යතාවය නිසි සේ හඳුනාගෙන අඩුවක් නැතිව උපකාර කරන නිර්මාණකරුවෙක් මුණ නොගැසුනොත් වෙබ් අඩවිය තුලින් ලබාදෙන්නට අවශ්‍ය කරන බොහෝ කාරණා සාර්ථක කරගන්නට අපහසු වෙනවා. එය වෙබ් අඩවියේ පවත්වාගෙන යන්නාට මෙන්ම එය භාවිතා කරන බොහෝ පිරිසකටද අපහසුතාවයක්ම ගෙනදෙනවා. එහෙත් තෙරුවණේ ආශිර්වාදයෙන්ම ලැබුණ මේ මිත්‍රත්වය නිසාම “නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතියේ අන්තර්ජාල කටයුතු සියල්ලටම මුල්වන මේ වෙබ් අඩවිය ඉතාමත් සාර්ථක කරගන්නට අපට හැකියාව ලැබී තියෙනවා.
වෙබ් අඩවි නිර්මාණකරණය ඇතුලු සියලුම තාක්ෂණික කටයුතු වලට සහාය ලබාදෙන සුරංග විසින්ම ඒ සියලුම දෑට අමතරව මෙම වෙබ් අඩවියේ සියලුම බැර පැනත් දරන්නේ සත්ධර්මයේ අගය මොනවට වටහාගෙන ඇති නිසාමයි.
තමන් කරන යහපත් කටයුතු මුල්කරගෙන තමන්ව ප්‍රසිද්ධියට පත්කරගන්නට හුවා දක්වන්නට සුරංග අකමැති වුවත් මෙවැනි යහපත් ගති පැවතුම් වලින් යුතු සැබෑම මිනිසත්කමින් යුතු මිනිසුන්ට නිසි ගෞරවය ආශිර්වාදය ලැබීම පිණිස ඔවුන් වෙනුවෙන් අංශු මාත්රතරමින් හෝ වදනක් එකතු කරන්නට ලැබීමත් භාග්‍යයකි.
එංගලන්තයේ පදිංචිව දහම් කටයුතු වලටද මුල්තැන දෙමින් තමන්ගේ බිරිඳත් සමඟ අසීමිත සහායක් අපටද තවත් බොහෝ පිරිසකටද ලබාදෙමින් කටයුතු කරන අපේ මිත්‍රයාගේ වැඩකටයුතු දැනගැනීමට සම්බන්ධ වීමට පහත සඳහන් ඔහුගේ නිල වෙබ් අඩිවය ඔස්සේ හැකියාවක් තිබෙනවා.
මෙම වෙබ් අඩවියට පිවිසුන තැන් පටන්ගෙන එහි ගැබ්වූ සත්ධර්මයෙන් නිසි ඵල නෙලාගැනීම පිණිස මේ වෙබ් අඩවියේ සැරිසරන ඔබට අපහසුවක් කරදරයක් නැතිව මානසික සුවපත්භාවයක්ද ලබමින් යම්තාක් පහසුවෙන් ඒ කටයුතු කරගන්නට හැකියාව ලැබී තිබෙන්නේ මේ උතුම් කළණ මිතුරාගේ මහන්සියේ කැපවීමේ ප්රථිඵලයක් ලෙසටමයි. ඔහුගේ සහාය නොතිබුනේ නම් මට අවශ්‍ය ආකාරයෙන් ඔබටද පහසුවක් වන සේ මේ සත්ධර්මය ගොනු කරන්නට ඇති අවස්ථාව අවම වෙනවා නිසැකයි.
හැකි සෑම ආකාරයකින්ම ඉමහත් ශක්තියක් උපකාරයක් වෙමින් මිත්‍රත්වයද අභිබවා ගියාවූ උතුම් ගුණයන්ගෙන් යුතුව මෙම “නිර්වාණ ධර්ම“ දහම් ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට උපකාර කරන සුරංග රූපසිංහ සහෝදරයා වෙනුවෙන් මේ පිටුව වෙන් වන්නේ ඔහුට කෘතගුණ දැක්වීමක් ලෙසටයි!
ලෝ වටා යම්තාක් දහම් පිපාසිතයන් මේ වෑයම තුලින් අංශු මාත්‍ර හෝ නිවීමක් සැනසීමක් ලාභයක් ප්‍රයෝජනයක් ලබන්නේ නම් ඒ මොහොතක් පාසාත්... යහපත්වූ ලෙසින් චිත්ත ප්‍රසාදයට පත්වන්නාවූ මොහොතක් පාසාත්... ඒ සියලු යහපත්වූ මෙත් කිරණයන්ගේ ශක්තිය ශාන්තිය සුරංග රූපසිංහ ඇතුලු පවුලේ සැමට නොඅඩුව ලැබී සියලු දුක් කෙලවර කරගෙන මේ ජීවිත කාලය තුලදීම නිවනේ සුවයෙන් සැනසෙන්නට මේ ධර්ම දානය උදෙසා සිදුකරන්නාවූ සියලු උපකාරයන්ගේ පුණ්‍ය කුසල ශක්තීන් මහා පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් සේ ගලා ගොස් විහිදී පැතිරී අනන්ත සංසාරය පුරාවටද කලාවූ සියලු පුණ්‍ය කුසල ශක්තීන් එක් රැස් කොට ඒ සියලු ශක්තීන් ඇදී විත් ලැබ නිවී සැනසීමටම හේතු උපකාර වෙත්වා යැයි මෙත් සිතින් සෙත් පතමු!!! තෙරුවණේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා!!!