නමේ අදහස
01 ඔක්තෝබර් 2015
නිර්වාණ (Sanskrit: निर्वाण nirvāna ; Pali: निब्बान nibbāna ; Prakrit: णिव्वाण ṇivvāṇa ) සංස්කෘත භාෂාවෙන් නිවනට භාවිතා කරන වචනයයි. පහසුවෙන්ම පද අර්ථයේ අදහස ගැනීම පිණිස “පහනක් නිවනවා... පත්තුවන යමක් නිවා දමනවා“ යන අදහස ඇතිව නිවීම / නිර්වාණය යන්නත් “දැවීමක් නැති සිසිල් බව, නිදහස් බව “ යන අදහස ඇතිව නිවීම / නිවන / නිර්වාණ ආදී ලෙසටත් ගත හැකියි. අධික පිපාසයෙන් පීඩිතව සිටින විට පැන් පොඳකින් පිපාසය නිවා ගන්නවා යන අදහස ඇතිවද නිවීම / නිවන / නිර්වාණය හි අදහස ගත හැකියි.
ධර්ම (Dhammã) දහම / ධර්මය / ධම්ම ආදී ලෙසින් බුදු දහම තුල කියැවෙන දර්ශනය අදහස් කෙරේ. තවත් ආකාරයකින් කියනවා නම් නිවීම පිණිස දැරිය යුතු දෑ යන අදහස ඇතිවද “දර්මය / ධර්ම / දහම“ ලෙසින් අදහස ගත හැකියි. සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් නිවීම / නිර්වාණය පිණිස පෙන්වා දුන් රාගය නැතිකරන ද්වේශය නැති කරන මෝහය නැතිකරන යම්වූ කරුණක් වේ නම් ඒ සියල්ල “ධර්මය / ධර්ම / දහම / ධම්ම“ ආදී ලෙසින් හැඳින්විය හැකියි. “ධර්මය“ යනු තවත් ආකාරයකින් හේතු ඵල ක්‍රියාත්මක වන ආකාරයද වේ. ඒ නිසාම එය වටහාගැනීම තුලින් හේතු නිරෝධය පිණිස කටයුතු කරගැනීමට හැකිවේ.
ඉතින් මේ සඳහම් සත්කාරය “නිර්වාණ ධර්ම“ ලෙසින් නම් කලේ ඒ පදාර්ථයෙන්ම පෙන්වා දෙන පරිදි ශාන්ත ප්‍රණිත සුවය සහිත නිවන පිණිස ඇසුරු කල යුතු දැරිය යුතු ධර්මය ගැබ් කරමින් ගැඹුරු පිරිසිදු බුදු වදනම හැකිතාක් මතුකරමින් විවර කරමින් බබලවන අදහස ඇතිවමයි.
සමහර අවස්ථාවල “නිර්වාණ ධර්ම“ ලෙසින් සංස්කෘත වචන භාවිතා කර ඇති බවට චෝදනා නඟමින් ලැබෙන අදහස්ද තියෙනවා. “නිවන / නිවීම“ ආදී වචනයන්ට වඩා “නිර්වාණ“ යන පදය මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුට හුරු වචනයක් නිසාවෙන් බොහෝ කරුණු කාරණා පිළිබඳව සිතා බලා මේ වචනය යෙදූ අතරම මෙවැනි එක් පදයක් නිසාවෙන් වචනයක් නිසාවෙන් භාෂාවක් නිසාවෙන් සිත් අංශු මාත්‍ර තරමින් හෝ අප්‍රසාදයට පත් නොකරගන්නා ලෙසට ඒ පින්වත් සැමට සිහිපත් කර සිටිනවා.
“නිර්වාණ ධර්ම“ දහම් සත්කාරය තුල සාමාන්‍යයෙන් අනුගත රටාවකට දහම් වචන හෝ වාක්‍ය ව්‍යාකරණ නීති රීති වලට අනුගතව භාවිතා නොවෙන අතර විවිධාකාරයෙන් සත්ධර්මය පැහැදිලිව රසවත්ව ගැඹුරු අර්ථයන්ට හානි නොවන අයුරින් සෘජුවම හදවතට දැනෙන ආකාරයට ලබාදීමට භාවිතා කල යුතු යම් පදයක් භාෂාවක් වේ නම් ඒ සියල්ල භාවිතා කරනු ඇත. ඒ සියල්ල තුලින් පවා පෙන්වා දෙන්නට උත්සාහ දරන්නේ අප විවිධාකාර මතයන්ට රාමු තුලට කොටු නොවී නිදහස්ව විවෘත මනසකින් විමසන විට ඒ ගැඹුරු සත්ධර්මයේ සුව විඳගන්නට අප අපටම වඩ වඩාත් අවස්ථාව සලසා දෙන බවමයි.
ඉතින් මොන භාෂාවෙන් කුමන ශෛලියකින් කිව්වත් “නිර්වාණ ධර්ම“ සඳහම් සත්කාරයේ අදහස නම් අප්‍රමාදීව නිවීමක් සැනසීමක් සැබෑ සතුටක් නිදහස් නිවහල් මානසිකත්වයක් ලැබ ප්‍රඥාව පූර්ණයට පත්කරගැනීම පිණිසම ඔය දුර්ලභ මිනිස් ජීවිතය යොදාගත යුතුමයි යන අදහසමයි!