ගවයෙක් නිදහස් කරමු
01 ජනවාරි 2015
මා විශ්වාස කරන පරිදි යම් ගැටලුවක් වේ නම් එයට විසදුම සෙවිය යුත්තේ රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් දැවීමෙන් නොව බුදු හිමියන් පෙන්වා දුන්නා වූ සත්මාර්ගයේම බැසගෙනය. ගවයෙක් හෝ වේවා තිරිසන් අත්බැවයක් ලබන්නා වූ මොනයම් හෝ සත්වයෙක් වේවා මාංශයෙන් වන්දි ගෙවිය යුතු අකුසල කර්මයක් සිද්ධ කලේ නම් ස්වභාවයෙන්ම එයට ලැබෙන ප්‍රතිඵලය මාංශයෙන්ම වන්දි ගෙවීමට අවස්ථාව සැලසීමයි. මෙය තිරිසන් සත්වයන්ට පමණක් නොව සමහර අවස්ථාවල මිනිසුන්ට සිද්ධ වූ බව අප දන්නවා. මිනි මස් කන පුද්ගලයන් පවා සිටින්නේ සහ එය ගොදුරු වෙන්නට සිද්ධ වෙන්නේ මේ හේතු ඵල දහමටම එකගව මිසක් වෙනත් කිසිදු බලවේගයක් බලපෑමක් නිසා නම් නොවේ. ඉතින් මෙවන් වූ ලෝකයක මෙවන් වූ හිමිවරුන් වැඩිවැඩියෙන් බිහි නොවෙන්නේත් මෙවන් වූ අදහස් සැමටම එක හා සමානව පහල නොවෙන්නේත් ඒ ඒ සත්වයින්ගේ තිබෙන්නා වූ කර්ම ශක්තිය නිසාමයි. කෙසේ වෙතත් ධර්මය භාවිතයෙන් තිරිසන් සත්වයින් බවට පත්වීම වැළකීම මේ සතුන් 1000ක් මරණයෙන් මුදවාගන්නවාට වඩා උතුම් කටයුත්තක් බව ධර්මය ගැන යහපත්වූ අවබෝධයක් ඇති බුද්ධිමත් මිනිසුන්ට පැහැදිලි ඇති. එහෙත් එය සැමටම කරන්නට හැකි දෙයක් නෙවේ. මන්ද සත්ධර්මය පරම දුර්ලභ බැවිනුත් එය අවබෝධකරගන්නා ප්‍රමානය ඉතාමත් දුර්ලභ බැවිනුත්ය.
ඉතින් මිනිසෙක් වශයෙන් හිතන්නට මනසක් ලැබී තියෙන විට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් රාගයක් ද්වේශයක් ඇතිනොකර ගෙන කරන්නට හැකි යුතුකමක් වේ නම් කිරීම ඉතාමත් යහපත් වෙනවා. යමෙක් සත්ව හිංසාවේ යෙදී සිටින විට එය වැලකීමට හිංසාවට පත්වන සත්වයින්ට අනුකම්පා කිරීමටත් එම හිංසාව සිදුකරන්නා වූ සත්වයින්ට වෛර කරන්නටත් යෙදෙනවා නම් එය බුද්ධිමත් භාවයක් නෙවේ. අන්න ඒ නිසාම මෙන්න මේ වගේ යහපත් වූ කටයුත්තක් "නිර්වාණ ධර්ම" වෙබ් අඩවියෙන් ඔබත් සමග බෙදාගන්නට කටයුතු කරන්නෙමි. මන්ද එය එක් කොටසකට විශේෂ කොට සිදුවන්නක් නොවන නිසාවෙනුත් මා දන්නා පරිදි මේ හිමියන් විසින් සියලු සත්වයන් කෙරෙහි බොහෝම කරුණාවකින් මෙත් සහගත සිතිවිලි ඇතිව සියලු දුක් කෙලවර කරගැනීම පිණිස වගේම මේ ආකාරයෙන් බාහිරව කරන්නට හැකි යහපත් කටයුතුත් සිදුකරන්නට යෙදෙන නිසාවෙනුයි. ඉතින් කල යුත්ත නිසි ලෙසින් අවබෝධකරගෙන නිහඩව මෙසේ රාග ගින්නෙන් ද්වේශ ගින්නෙන් මෝහ ගින්නෙන් නොදැවී එගිනි නිවාගන්නට කටයුතු කරන අතරවාරයේම මේ ආකාරයෙන් සැමට තමන්ට හැකි අයුරින් යහපත් වූ උපකාරයන් කරන්නා වූ මෙවන් වූ හිමි වරුන්ට මාගේ නමස්කාරය වේවා!!! මෙය උන්වහන්සේලාට පූජෝපහාරයක්ම වේවා!!! තෙරුවන් සරණින් උන්වහන්සේලාටත් සසර දුකින් පෙලෙන්නාවූ සියලු සත්වයින්ටමත් නිවී සැනසීමම වෙත්වා!!!
ඉතින් මම කැමතියි උන්වහන්සේ විසින්ම මේ සම්බන්ධයෙන් සටහන් තබා ඒ පුණ්‍ය කටයුත්තට සම්බන්ධවීමට ආරාධනා කරන්නා වූ ලිපිය මෙසේ ඔබවෙනුවෙන් ඉදිරිපත් කරන්නට.
ගවයෙකු නිදහස් කරන්නට ඔබත් දායක වන්න
ගවයෙකු මරණයෙන් නිදහස් කර දුප්පත් පවුලකට භාරදීමේ කුසල කර්මය අප විසින් අවුරුදු කිහිපයක සිටම කරගෙන එන බව ඔබට දන්වා සිටින්නේ ඉමහත් සන්තෝෂයෙනි.
මෙම කුසල කර්මය තවදුරටත් විධිමත් ව පවත්වාගෙන යාම සඳහා මාසිකව රුපියල් 250.00 ආධාර මුදලකින් දායක වන්නට ඔබට ආරාධනා කරන්නේ මහත් වූ කරුණාවෙනි.
ඔබට ආධාර මුදල් මාස් පතා සම්පත් බැංකුවේ Savings Account No: 104053057618 බැර කරන්නේ නම්, වඩාත් පහසු වන බව කරුණාවෙන් සළකන්න.
මෙම අරමුදලට දායක වන ඔබගේ විස්තර අපට අවශ්‍ය වන බැවින් පහත සඳහන් පත්‍රිකාව පුරවා අපට භාර එවන්න.
රත්නත්‍රයේ පිහිටෙන් සියළු කටයතු සර්වප්රකාරයෙන් ම සාර්ථක වේවා!
සත්‍යවාදී වූ,
වෑල්ලවත්තේ සීලගවේසි ස්ථවිර
ගවයෙකු නිදහස් කිරීමේ අධාර පත්‍රය
නම: ............................... ...............................
ලිපිනය: ............................... ...............................
ඊ මේල්: ............................... ...............................
ටෙලි. අංකය: ............................... ...............................
ඉතින් මෙතෙක් කාලයක් කරගෙන ගිය ඒ කටයුත්තේ අවස්ථාවන් කීපයක් ඡායාරූපගත කර තිබෙනවා. ඒ සැමත් ඔබගේ හිත සුව පිණිසත් විශ්වාසවන්තභාවය තහවුරු කරගැනීම පිණිසත් මෙසේ පලකරමි. ඔබට හැකි පමණින් මෙම කටයුතු සදහා සම්බන්ධ වී නිවී සැනසීම පිනිස පාරමිතාවක්ම පුරාගන්නට ඔබට හැකිවේවා!!!
වැඩි විස්තර දැකබලාගැනීමට පිවිසෙන්න - http://www.facebook.com/seelagawesi.thero