අෂ්ඨපාන පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
අෂ්ඨපාන පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම අෂ්ඨපාන පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් අෂ්ඨපාන පූජා කරන්නටත් හැකියි...
පැන් පූජාව
සුගන්ධං සීතලං කප්පං - පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා - පති ඝං හාතු මුත්තමං
සුවඳැති, සිසිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ මේ පැන් භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක්වා!
අධිවාසේතු නෝ භන්තේ - පානීයං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ සිසිල් වූ පැන් පිළිගනීවා!
සුභමේතං මනෝරම්මං - උදකං සුද්ධ සීතලං
සුහස්ස ලෝකනාථස්ස - දේමි පූජේමි සාදරං
බීමට හා පරිභෝජනයට සුදුසු වූ මේ පිරිසිදු ජලය, රූපකාය සම්පත්තියෙන් හා ධර්මකාය සම්පත්තියෙන් යුතුවූ ලෝක නාථයන්වහන්සේට පුජා කරමි... පූජාම වේවා!!!
ගිලන්පස පූජාව
අධිවාසේතු නෝ භන්තේ - ගිලානපච්චයං ඉමං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ ගිලන් පස පිළිගනීවා!
අෂ්ඨපාන පූජාව
අධිවාසේතු නෝ භන්තේ - අෂ්ඨපානං පරිකප්පිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ ගිලන් පස පිළිගනීවා!